Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සුසන්තිකා අලූත් වැඩකට සූදානම් වෙයි

සුසන්තිකා අලූත් වැඩකට සූදානම් වෙයි

සංජය එරමුදුගොඩ - 2015 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


සිඞ්නි නුවරදී 2000 වසරේ පැවැති ඔලිම්පික් තරගාවලියේ මීටර් 100 ඉසව්වේ රිදී පදක්ම දිනා වසර 15 ක් පිරීම නිමිත්තෙන් සුසන්තිකා ජයසිංහ පදනම ආරම්භ කිරීමට හිටපු මලල කී‍්‍රඩිකා සුසන්තිකා ජයසිංහ සූදානම් වෙයි. තමන්ගේ අවසාන ඉලක්කය මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට නොමිලේ පුහුණුව සහ අධ්‍යාපනය දිය හැකි, සියලූ පහසුකම් වලින් පරිපූර්ණ මලල කී‍්‍රඩා විද්‍යායතනයක් ඇතිකිරීම බවත් සුසන්තිකා ජයසිංහ මහත්මිය පැවසුවාය.

මෙම මලල කී‍්‍රඩා විද්‍යායතනය ‘සුසන්තිකා ජයසිංහ මලල කී‍්‍රඩා විද්‍යායතනය’ ලෙස නම්කිරීමට නියමිතය.

ඔක්තෝබර් 7 වැනිදා පැවැත්වෙන මෙම උත්සව අවස්ථාවට ප‍්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහභාගි වේ. එහි විශේෂ ආරාධිතයා වශයෙන් සුසන්තිකා ජයසිංහගේ කළමනාකරු සහ පුහුණුකරු ලෙස කටයුතු කළ ඇමරිකානු ජාතික ප‍්‍රවීන මලල කී‍්‍රඩා පුහුණුකරු ටෝනි කැම්බල් මහතා සහභාගී වීමට නියමිතය.

ප‍්‍රමුඛ පෙලේ දෙස් විදෙස් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ, පුහුණුකරුවෝ සහ කී‍්‍රඩා ක්ෂේක්ත‍්‍රයේ නම ගිය පුද්ගලයෝ රැසක්ද ඊට එක්වීමට නියමිතය.

සුසන්තිකා ජයසිංහ විසින් ලියන ලද ඇගේ චරිතාපදානය, සුසන්තිකා ජයසිංහ කී‍්‍රඩා අරමුදල සහ නිල වෙබ් අඩවියද එදින එළිදැක්වීමට නියමිතය.


- 036


අදහස් (0)

සුසන්තිකා අලූත් වැඩකට සූදානම් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.