Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තියුණු ඡන්ද සටනකින් පසු සර්ජි බුබ්කා පරදවමින් අන්තර්ජාතික මලල කී‍්‍රඩා සම්මේලනයේ සභාපති ධුරයට පත් වීමට සෙබෙස්තියන් කෝ අද (19) සමත් විය.
ඔලිම්පික් පදක්කම් ලාභී ධාවන ශූරයකු වන 58 හැවිරිදි සෙබෙස්තියන් කෝ, ඔහු සමඟ සභාපති ධුරයට තරග කළ සර්ජි බුබ්කා පරාජය කළේ වැඩි ඡුන්ද 23 කිනි. සෙබස්තියන් කෝට ඡන්ද 115 ක් ලැබෙද්දී සර්ජි බුබ්කාට හිමිවූයේ ඡුන්ද 92 ක් පමණි.
අන්තර්ජාතික මලල කී‍්‍රඩා සම්මේලනයේ වත්මන් සභාපති ලෙස කටයුතු කරන ලැමී ඩියැක්ගෙන් පසු එම තනතුර හොබවනු ඇත්තේ සෙබෙස්තියන් කෝය.
තම ජය සමරමින් චීනයේ බීජීං අගනුවරදී මාධ්‍ය හමුවකට එක් වෙමින් සෙබෙස්තියන් කෝ අවධාරණය කළේ තහනම් උත්තේජක භාවිතා කරමින් මලල කී‍්‍රඩා ක්ෂේත‍්‍රය අපකීර්තියට පත්කිරිමට ඉඩක් නොදෙන බවය. මෙම මාධ්‍ය හමුවට අන්තර්ජාතික මලල කී‍්‍රඩා සම්මේලනයේ නිලධාරීහු රැසක් සහභාගී වූහ.
”මෙතැනට රැස්වී ඉන්න බොහෝ දෙනකු දන්නවා අපේ දු පුතුන් ඉපදුන දිනයන් අපගේ ජීවිතවල වඩාත් වැදගත් දවස් වූ බව”
”දැන් මට ඉඩ ලැබී තිබෙනවා ඔබ සැම සමග කටයුතු කරන්න. මලල කී‍්‍රඩාවේ අනාගතය සකස් කරන්න. එය සුබදායී තැනකට රැගෙන යන්න. මගේ ජීවිතයේ දෙවැනි විශේෂ වැදගත්ම සිදුවීම මෙයයි” යැයි කෝ පැවැසීය.
”මලල කී‍්‍රඩාව මගේ කී‍්‍රඩාවයි. මා වඩාත් ආදරය කරන දේ එයයි. මගේ කවදත් බලාපොරොත්තුව වුණේ ඒ වෙනුවෙන් කැපවී කටයුතු කිරීමයි” යැයි කෝ අවධාරණය කළේය.
ලබන 22 සිට 30 තෙක් බීජීං නුවර දී පැවැත්වෙන අන්තර්ජාතික මලල කී‍්‍රඩා තරගාවලියේදී තහනම් උත්තේජක භාවිත කිරීමට එරෙහිව දැඩිව කටයුතු කිරීමට කෝ සහ ඔහුගේ නිලධාරීන් කණ්ඩායම කටයුතු කරනු ඇතැයි බි‍්‍රතාන්‍යය පෙන්වා දෙයි.
1980 සිට 1984 තෙක් කාලයේ මීටර් 1500 ඔලිම්පික් රන් පදක්කම් දිනූ විශිෂ්ටතම ධාවන ශූරයකු වන සෙබෙස්තියන් කෝ, මීටර 800 ඔලිම්පික් රිදී පදක්කම් දෙකක්ද දිනා ඇත. මැදි දුර දිවීමේ ඉසව්වලදී ලෝක වාර්තා 8 ක් පිහිටවූ සෙබස්තියන් කෝ ලන්ඩන්හි උපත ලද අයෙකි. මීටර 800 වෙනුවෙන් ඔහු 1981 දී පිහිටවූ ලෝක වාර්තාව 1997 දක්වා පැවතිණ.
1992 සහ 1997 කාලයේදී බි‍්‍රතාන්‍යයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකුද වූ සෙබස්තියන් කෝ 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙල ලන්ඩන් නුවරට ලබාගැනීම සඳහා වූ කමිටුවේ සභාපතිවරයාය. පසුව ඔහු 2012 ලන්ඩන් ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ සංවිධායක කමිට සභාපතිවරයාද විය.
”මලල කී‍්‍රඩකයකු හැටියට මට අත්දැකීම් තිබෙනවා. තහනම් උත්තේජන භාවිතා කිරීමට එරෙහිව කටයුතු කිරීම පහසු කාර්යයක් නොවෙයි. නමුත් කෙසේ හෝ එය නැවැත්වීම කළ යුතුයි” යැයි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කෝ පැහැදිලි කළේය.
මේ අතර සභාපති තනතුරට තරග කරමින් පරාජය වූවත් අන්තර්ජාතික මලල කී‍්‍රඩා සම්මේලයේ උප සභාපතිවරයකු ලෙසින් සර්ජි බුබ්කා නැවතත් පත්විය.
- 050
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.