Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සෙරීනා යළිත් වැඩට බසී

සෙරීනා යළිත් වැඩට බසී

Nisanka Sandeepani - 2018 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ මස 28 වැනිදා පැරිස් නුවරදී ආරම්භ වන ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියට අමෙරිකාවේ සුපිරි ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් සහභාගි වන බව ඇගේ පුහුණුකරු පැට්ටි්‍රක් මොරටොග්ලූ පවසයි. ග්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් ශූරතා 23ක් දිනා ඇති මේ විශිෂ්ට ක්‍රීඩිකාව පසුගිය වසරේ දී සිය දරු ප්‍රසූතිය නිසා තරග බිමෙන් ඈත්ව සිටියාය. 

“සෙරීනා ප්‍රංශ විවෘත තරගාවලියට ක්‍රීඩා කරනවා.... ඒ වගේම ඇයට මේ තරගාවලිය ජයගැනීමටත් වැඩි ඉඩකඩක් තිබෙනවා” යයි වසර හයක් පුරා මේ 36 හැවිරිදි ක්‍රීඩිකාවගේ පුහුණුකරු ලෙස කටයුතු කරන මොරටොග්ලූ අන්තර්ජාතික ටෙනිස් ක්‍රීඩකයන්ගේ සංගමය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කීවේය.

පසුගිය මාර්තු මාසයේ පැවැති ඉන්ඩියානා වේල්ස් තරගාවලියේදී තුන්වැනි වටයේදි සහ මියාමි ටෙනිස් තරගාවලියේදී  මුල් වටයේදීම ඇය පරාජයට පත්වූවාය.  එම පරාජජයන් ගෙන් පසුව සෙරීනා කියා සිටියේ තමා දරු ප්‍රසූතියෙන් පසුව තරගබිමට පැමිණීම වේලාසන වැඩි බවයි. 
“ඇය මේ දවස්වල ඉතා වෙහෙසවී පුහුණුකටයුතුවල නිරතවෙනවා. හැම අංශයකින්ම දැන් ඇය දියුණුවී සිටිනවා. සෙරීනාට ප්‍රංශ විවෘත ටෙනිස් කිරුළ ජයගත හැකිවනු ඇතැයි මම විශ්වාස කරනවා.” යයිද පුහුණුකරු මොරටොග්ලූ පවසයි.

දරු ප්‍රසූතියෙන් මාස 6කට පසුව නැවත ටෙනිස් පිටියට පැමිණියත් සෙරීනාට තවමත් සුපුරුදු තරග රටාවට පිවිසීමට නොහැකිවී තිබේ.

- 077


අදහස් (0)

සෙරීනා යළිත් වැඩට බසී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.