Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ආරම්භක පිතිකරු ළහිරු උදාර සහ මැද පෙළ පිතිකරු සොනාල් දිනූෂ දෙදෙනා, ඕස්ටේ්‍රලියානු පිලට එරෙහිව පැවැත්වෙන වෝන් - මුරලි තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට එක්වී සිටිති. ඔවුන් දෙදෙනා පළමු වතාවට ජාතික සංචිතයට එක්වී තිබීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් වෙත එල්ලවන පීඩනය වැඩි වෙමින් තිබේ.
සංචිතයේ සිටි ආරම්භක පිතිකරුවකු වන නිෂාන් මධුෂ්ක ඉවත්ව යාමත්, අනෙක් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක තුවාල ලැබීමත් නිසා ළහිරු උදාර ටෙස්ට් සංචිතයට එක්ව සිටී.
දැන් පැවැත්වෙමින් තිබෙන අන්තර් සමාජ පළමු පෙළ තරගාවලියේදී එන්.සී.සී. පිලේ ආරම්භක පිතිකරුවා වන ළහිරු උදාරගේ තරග 3 ක ලකුණු ලබාගැනීම් සටහන් වන්නේ (65 හා 17), (142) සහ (39 හා 29) ලෙසිනි. කෙසේ වෙතත් ටෙස්ට් තරගාවලියේ ආරම්භක පිතිකරුවන් ලෙසින් හිටපු නායක දිමුත් කරුණාරත්න සහ ඕෂධ ප්‍රනාන්දු සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු වී තිබේ.
පැතුම් නිස්සංක දෙවැනි ටෙස්ට් තරගය වන විට සුවය ලබනු ඇතැයි අනුමාන කෙරෙන නමුත් ඒ පිළිබඳ ස්ථිර විශ්වාසයක් නැත.
විශ්වාසය තැබිය හැකි මැද පෙළ පිතිකරුවකු වන සොනාල් දිනූෂ වමතින් පා දඟ පන්දු යවන්නකු ද වෙයි. සී.සී.සී. පිල නියෝජනය කරන වමත් පිතිකරුවාගේ අවසන් පළමු පෙළ ඉනිම දෙකේදී ලකුණු ලබාගැනීම් සටහන් වූයේ 117 ක් සහ 107 ක් ලෙසිනි. විශේෂයෙන්ම අවස්ථාවෝචිතව වමතින් පා දඟ පන්දු යැවීමේ හැකියාවත් සොනාල් දිනූෂට තිබේ.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
ධනංජය ද සිල්වා (නායකයා), දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, ඕෂධ ප්‍රනාන්දු, ළහිරු උදාර, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, සොනාල් දිනූෂ, ප්‍රභාත් ජයසූරිය, ජෙෆ්රි වැන්ඩසේ, නිශාන් පීරිස්, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර සහ මිලාන් රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.