Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සොලිඩ් පිල පෙරමුණ ගනී

සොලිඩ් පිල පෙරමුණ ගනී

රොෂාන් ගුණරත්න - 2016 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් ශූරයන්ගේ කුසලාන ලීග් පාපන්දු තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ පළමු සතියේ තරග අවසානයේදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සොලිඞ් ක්‍රීඩා සමාජය සමත්ව සිටියි. කොළඹ තුරග තරග පිටියේදී පසුගියදා (4) පැවැති සුපිරි අට වටයේ තරගයෙන් නාවික හමුදා කණ්ඩායම ගෝල 5-0 කින් පරාජය කළ සොලිඞ් ක්‍රීඩා සමාජය සුපිරි අට දෙනා අතරින් පෙරමුණ ගත්තේය.


ඕ. අයි. අබුමීරේ 25 වැනි මිනිත්තුවේදීද, ටී.ඩී.විජේතුංග 70 වැනි මිනිත්තුවේදී ද, එම්. ජී. ප්‍රබෝධ 45 වැනි මිනිත්තුවේ මෙන්ම එස්. සංජීව 87 සහ 90 මිනිත්තුවලදී ගෝල දෙකක් ද ලබා ගනිමින් සොලිඞ් ජයග්‍රහණයේ නියමුවෝ වුහ.  


ප්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි ස්ථානයේ සිටින බ්ලු ස්ටාර් කණ්ඩායම විසින් රිනවුන් කණ්ඩායම ගෝල 2-0 කින් පරාජය කළේය. මොහොමඞ් පර්සීන් සහ ඊ.බී.චන්න ගෝල දෙක ලබාගත්හ.


ගූවන් හමුදාව, යුද හමුදාව, කොළඹ පාපන්දු සමාජය සහ නිව් යන්ග් කණ්ඩායම් සහභාගි වු තරග විසදුමකින් තොරව අවසන්විය.
ගූවන් හමුදාව සහ යුද හමුදාව ලකුණු එක බැගින් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පිළිවෙලින් තෙවැනි සහ සිවුවැනි ස්ථානයේ පසුවෙයි.

 

ක්‍රීඩා සමාජය   තරග ජය වි.නැ පරාජ ගෝ.එ ලැ.ගෝ ප්‍ර.ගෝ ප්‍ර.ලකුණු
සොලිඩ් ක්‍රී.ස 1 1 0 0 5 0 5 3
බ්ලු ස්ටාර් ක්‍රී.ස 1 1 0 0 2 0 2 3
ගුවන් හමුදාව 1 0 1 0 2 2 0 1
යුද හමුදාව 1 0 1 0 2 2 0 1
කොළඹ පා.ස. 1 0 1 0 0 0 0 1
නිව් යන්ග්  1 0 1 0 0 0 0 1
රිනවුන් 1 0 0 1 0 2 -2 0
නාවික හමුදාව 1 0 0 1 0 5 -5 0

අදහස් (0)

සොලිඩ් පිල පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.