Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සොහේල්ගේ මංගල ශතකය පාකිස්තානය ඔසවා තබයි

සොහේල්ගේ මංගල ශතකය පාකිස්තානය ඔසවා තබයි

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ටේ්‍රලියාවට එරෙහිව ඩුබායි අන්තර් ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම, හාරිස් සොහේල්ගේ (110) මංගල ශතකය හමුවේ සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 482 ක් රැස්කළේය.

දෙවැනි දිනය වූ අද (8 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ඕස්ටේ්‍රලියානු කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 30 ක් ලබා සිටියේය. දිනය නිමාවන විට ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ උස්මාන් කවාජා ලකුණු 17 ක්ද, ඒරන් ෆින්ච් ලකුණු 13 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

පළමු දිනය වූ ඊයේ (7 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 255 ක් ලබා සිටි පාකිස්තාන ක්‍රීඩකයෝ අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 227 ක් එක්කර ගත්හ. එහිදී සිය මංගල ශතකය ලබාගත් හාරිස් සොහේල් එය හයේ පහර 2 කින් සහ හතරේ පහර 8 කින් අලංකාර කළේය.

අසාද් ෂෆීක් (80) සමග එක්ව පාකිස්තාන ඉනිමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 150 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සොහේල් සමත් වූ අතර ෂෆීක්ගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 9 කින් සමන්විත විය. මාර්නස් ලැබස්චේන්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ටිම් පේන් අතට උඩ පන්දුවක් දෙමින් ෂෆීක් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්විය.

පාකිස්තාන ඉනිමේ අවසන් කඩුලු 6 ලකුණු 72 ක් තුළ බිඳවැටුණ අතර ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත් වූ පීටර් සිඞ්ල් ලකුණු 58 කට කඩුලු 3 ක් දවාගැනීමට සමත් විය.
 

පාකිස්තාන පළමු ඉනිම - සියලු දෙනා දැවී 482

(ඉමාම් උල් හක් 76, මොහොමඞ් හෆීස් 126, අසාර් අලී 18, හාරිස් සොහේල් 110, අසාද් ෂෆීක් 80, සර්ෆරාස් අහමඞ් 15, පීටර් සිඞ්ල් 58/3, නේදන් ලයන් 114/2)
 

ඕස්ටේ්‍රලියානු පළමු ඉනිම - කිසිවකු නොදැවී 30

(උස්මාන් කවාජා නොදැවී 17, ඒරන් ෆින්ච් නොදැවී 13)

 

-036

 


අදහස් (0)

සොහේල්ගේ මංගල ශතකය පාකිස්තානය ඔසවා තබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.