Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මීට වසරකට කළින් ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේදී සිය ටෙනිස් ජීවිතයේ කුළුඳුල් ග්‍රෑන්ඞ් ස්ලෑම් කුසලානය දිනා ටෙනිස් ලෝකයම අන්දමන්ද කළ ලැටීවියා රාජ්‍යයේ ජෙලීනා ඔස්ටපෙන්කෝ මෙවර තරගාවලියේ පළමු වටයේදීම පරාජය වීමෙන් තරගාවලියෙන් ඉවතට විසිවූවාය. හිටපු ශූරිය පරාජය කරන ලද්දේ යුක්රේනයේ කතර්යෙනා කොස්ලෝවා විසිනි. ඇය ලකුණු 7-5 ක් සහ 6-3ක් ලෙස ඔස්ටපෙන්කෝ පරාජය කිරීමට සමත් වූවාය.
පළමු වටයේදීම මෙවැනි අභාග්‍ය සම්පන්න ඉරණමකට ගොදුරු වූ ශ්‍රේණිගත කිරීම්වල පස්වැනි තැන පසුවන ජෙලීනා වාර්තාපොතට එක්වූයේ ග්‍රෑන්ඞ් ස්ලැම් තරගාවලියක කුසලානය අතැතිව සිටියදී පළමු වටයේදීම ඉවතට විසිවූ පළමු ක්‍රීඩිකාව ලෙසිනි.
වසර 2006 න් පසුව පළමුවතාවට ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේ මුල් වටයේදීම ඉවතට විසිවූ කුසලානය අතැති දෙවැනි ක්‍රීඩිකාව ලෙසත් ඇය වාර්තාපොත අලුත් කළාය. 2006 දී මේ අපකීර්තිමත් වාර්තාවට හිමිකම් කීවේ 2005 වසරේ ශූරිය වූ ඇනස්ටේසියා මයිස්කිනායි.
2017 ප්‍රංශ විවෘත තරගාවලියේ පළමු වටයේදීම පරාජයට පත්වී ආපසු ගෙදර ගිය කොස්ලෝවා අන්තර් ජාතික ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල පළමු තිස්දෙනා අතර සිටින ක්‍රීඩිකාවක් පරාජයට පත් කළේ සිය ජීවිතයේ පළමු වතාවටය.
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.