Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගය ලෙස නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර අද (21 වැනිදා) වෙලින්ටන්හිදී පැවැති තරගයෙන් ලකුණු 143 ක පහසු ජයක් අත්කරගත් නවසීලන්තය, තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
නවසීලන්ත කණ්ඩායමක් එක්දින ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් හත්වැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර 1975, 1979, 1992, 1999 2007 සහ 2011 යන වසර වල පැවති ලෝක කුසලාන තරගාවලි වලදීද ඔවුන් අවසන් පූර්ව වටය දක්වා පැමිණ තිබේ.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 394 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් පිලට ඕවර 30.3 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 250 ක් පමණි.
කොදෙව් පිලේ වැඩිම ලකුණු ලාභියා වූ කි‍්‍රස් ගේල්, පන්දු 33 කදී හයේ පහර 8 ක් සහ හතරේ පහර 2 ක් සමගින් වේගවත් ලකුණ 61 රැස්කළේය.
නායක ජේසන් හෝල්ඩර් පන්දු 26 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකණු 42 ක් රැස්කළද සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට තරම් එය ප‍්‍රමාණවත් නොවීය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ටේරන්ට් බෝල්ට් ලකුණු 44 කට කඩුලූ 4 ක් දවාගනිමින් කොදෙව් පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළේ්ය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය ඕවර 50 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 393 ලබා ගත්තේය.
එක්දින ජාත්‍යන්තර තරගයකදී ද්විත්ව ශතකයක් ලබාගත් පස්වැනි පිතිකරුවා මෙන්ම පළමු නවසීලන්ත පිතිකරුවා බවට පත් වූ ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල්, ලකුණු 237 ක් රැස්කළේ පන්දු 163 කිනි.
ඔහුගේ වේගවත් ඉනිමට දැවැන්ත හයේ පහර 11 ක් සහ හතරේ පහර 24 ක් ඇතුළත් වූ අතර ඉන් හයේ පහර 2 ක්ම කී‍්‍රඩාංගණයේ වහලයටත් ඉහලින් ඇදී ගියේ නරඹන්නන්ගේ මවිත කරමිනි.
මෙය එක්දින ජාත්‍යන්තර තරගයකදී කී‍්‍රඩකයකු රැස්කළ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වන අතර ගප්ටිල්ගේ හොඳම එක්දින ඉනිමද වේ. මින් පෙර ඔහුගේ හොඳම ඉනිම වූයේ 2013 වසරේදී එංගලන්තයට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 189 යි.
ශී‍්‍ර ලංකාවට එරෙහිව 2014 වසරේ පැවැති තරගයකදි ලකුණු 264 ක් ලබාගත් රෝහිත් ශර්මා, ද්විත්ව ශතක ලාභීන්ගේ ලැයිස්තුවේ ගප්ටිල්ට ඉහළින් රැදී සිටියි.
ගප්ටිල් සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 135 කදී ලකුණු 143 ක සම්බන්ධතාවක් ගොඩනැගූ රොස් ටේලර්, ලකුණු 42 ක් ලබා සිටියදී දුවද්දී දැවීයාමකට හසුවිය.
කොදෙව් පිලේ සියලූම පන්දු යවන්නන් අද දිනයේදී නවසීලන්ත පිතිකරුවන්ගේ දැඩි පහර කෑමකට ලක්වූ අතර වැඩිම කඩුලූ ලාභියා වූ ජෙරම් ටේලර් ලකුණු 71 කට කඩුලූ 3 ක් දවාගැනීමට සමත් විය.
නවසීලන්තය සහභාගී වන අවසන් පූර්ව තරගය එළඹෙන 24 වැනිදා දකුණු අපි‍්‍රකාවට එරෙහිව ඕක්ලන්ඞ්හිදී දිවා රාතී‍්‍ර තරගයක් ලෙස පැවැත්වීමට නියමිතය.
නවසීලන්ත පිල - ඕවර 50 කදී කඩුලූ 6 ක් දැවී 393
(මාටින් ගප්ටිල් නොදැවී 237, කේන් විලියම්සන් 33, රොස් ටේලර් 42, කොරි ඇන්ඩසන් 15, ග‍්‍රාන්ට් එලියට් 27, ජෙරම් ටේලර් 71/3, ඇන්ඩි‍්‍ර රසල් 96/2)
කොදෙව් පිල - ඕවර 30.3 කදී සියලූ දෙනා දැවී 250
(කි‍්‍රස් ගේල් 61, මාලන් සැමුවෙල්ස් 27, ජොනතන් කාටර් 32, ඩැරන් සැමී 27, ඇන්ඩි‍්‍ර රසල් 20, ජේසන් හොල්ඩර් 42, ටේරන්ට් බෝල්ට් 44/4, ඩැනියෙල් විටෝරි 58/2, ටිම් සව්ති 82/2)
- 036
තරගයේ විශේෂ අවස්ථා...
ඡායාරූප -ඒ.එෆ්.පී. අනුග‍්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.