Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ටේ‍්‍රලියානුවෝ පස්වැනි වතාවටත් ලෝක කුසලානය දිනාගත්හ. එහෙත් නවසීලන්තය කි‍්‍රකට් ලෝලීන්ගේ හදවත් දිනාගත්තේය. ලෝ පුරා වෙසෙන මිලියන සංඛ්‍යාත කි‍්‍රකට් ලෝලීන්ගේ හදවත් තුළ නවසීලන්ත ලකුණ සටහන් කරන ලද්දේ ග‍්‍රාන්ට් එළියට් විසිනි.
කි‍්‍රකට් කී‍්‍රඩාවේ ගෙළ, ව්‍යාපාරිකයන්ගේ තොණ්ඩුවට සිරවී ඇතැයි දෝෂාරෝපණය කරමින් මහත්වරුන්ගේ කී‍්‍රඩාවෙන් ඉවත්ව ගියෝ ආපසු කි‍්‍රකට් පිටිය දෙස හැරී බැලූහ. ඒ ග‍්‍රාන්ට් එළියට් ඇතුළු බ්‍රෙන්ඩන් මැකලම්ගේ නවසීලන්ත කණ්ඩායම නියම මහත්වරුන්ගෙන් සමන්විත වූ නිසාය.
දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගයේ අවසන් පන්දුවට පෙර පන්දුව හතරේ සීමාවට ඉහළින් නරඹන්නන් අතරට යවමින්, දකුණු අපි‍්‍රකානුවන්ගේ අවසන් තරගයේ සිහිනය දියකර දැමූ ග‍්‍රාන්ට් එළියට් ජයග‍්‍රහණයෙන් උදම්වීම පසෙක තිබියදී පරාජිතයාගේ අතින් අල්ලා නැ`ගිටුවීම නිසා ලෝකයා කි‍්‍රකට් කී‍්‍රඩාව දෙස අලූත් ඇසකින් බලන්නට පටන්ගත්තේය.
උපතින් දකුණු අපි‍්‍රකානුවකු වන ග‍්‍රාන්ට් එළියට් පළමුවෙන්ම නියෝජනය කළේ දකුණු අපි‍්‍රකාවේ ට‍්‍රාන්ස්වාල් කණ්ඩායමයි. පසුව දකුණු අපි‍්‍රකානු 19 න් පහළ පිල වෙනුවෙන්ද කී‍්‍රඩා කළ එළියට් වසර 2001 දී දකුණු අපි‍්‍රකාවෙන් ඉවත්ව නවසීලන්තය බලා ගියේ තමන්ගේ කි‍්‍රකට් සිහිනය වඩාත් සුන්දර කරගැනීමේ අටියෙනි.
නවසීලන්තය වෙනුවෙන් ලෝක කුසලාන තරග බිමට පිවිසියද තමන්ගේ නිජ බිම වන දකුණු අපි‍්‍රකාව පිළිබඳ හටගත් ස්වභාවික දේශපේ‍්‍රමයේ ඡුායාව එළියට්ගේ සිත තුළින් මැකී ගොස් නොතිබිණ. දකුණු අපි‍්‍රකාව පරාජය කරමින් එළියට් ගැසූ හයේ පහරින් පන්දුව නරඹන්නන් වෙත ඉගිළ යද්දී නොසිතූ නොපැතූ ආකාරයෙන් වැදුණු පහරින් වේදනාවට පත් ඬේල් ස්ටේන් පිටිය මත ඇද වැටී හිස අත් බදාගත්තේය.
ඕක්ලන්ඞ් කී‍්‍රඩාංගණය ජයග‍්‍රහණයේ උන්මාදයෙන් ඇළලී යද්දී ඬේල් ස්ටේන් වෙත ගිය එළියට් පන්දු යවන්නාගේ අතින් අල්ලා ඔහු නැගිටුවමින් සැනසුම් බස් කීවේය. එම අවස්ථාව ඡයාරූපයට නැගූ ගෙටී ඉමේජස් ඡයාරූප ශිල්පිනි හැනා පීටර්ස් මෙම සිදුවීමෙන් අනුයාතව සිදුවූ තවත් සිදුවීම් වැලක්ම ඡයාරූපයට නැගුවාය.
හැනා වාඩිවී සිටියේ ඊඞ්න් උද්‍යාන කී‍්‍රඩාංගණයේ උතුරු අන්තයේ තරමක් උස ඇති තැනකය. මේ වන විට ලොව අංක එකේ වේග පන්දු යවන්නා වූ ඬේල් ස්ටේන් පන්දු යැවීමට දිව එන ආකාරය කැමරා කාචයට හසුකරගනිමින් සිටි හැනා, පන්දු යවන්නාගෙන් කාචය ඉවතට නොගනිමියි සිතා සිටියාය.
”ඒ හැමදේම වුණේ ඇසිපිය ගහන පමාවෙන්”
”මම දිගටම ස්ටේන් දෙස බලා හිටියා. කළකිරුණු ස්ටේන් තමන්ගේ මැණික් කටුවේ දමාගෙන සිටි දහදිය උරාගන්නා පටිය ගළවා වීසි කළා..ඒ එක්කම වාගේ එළියට් මගේ රාමුවට ආවා. ඇවිදින් ස්ටේන්ගේ අතින් අල්ලා එසවූවා” යයි හැනා පීටර්ස් කියා සිටියාය.
වසර 2001 සිටම කී‍්‍රඩා ඡයාරූප ගැනීම සිය වෘත්තිය කරගත් හැනා පීටර්ස් කියන්නේ තමන් ඊට පෙර කිසිදා දැක නොතිබූ උද්වේගකර තත්ත්වයක් එදින ඊඞ්න් උද්‍යාන පිටියේ පැවැති බවයි. තිබුණේ නම් ඒ 2011 දී රග්බි ලෝක කුසලාන අවසන් මහ තරගය බවත් ඈ කීවාය.
”ඒත් මේ තරගය විශේෂයි. මොකද නවසීලන්ත පිල ජයගනීවි කියලා ඒ තරම් විශ්වාසයක් වැඩි දෙනාට තිබුණේ නෑ”
”මේ තරගය පුරාම, කණ්ඩායම් දෙකම, එකිනෙකාට පුදුමාකාර විදිහට ගෞරව කළා. ඒ වගේ දෙයක් කැමරා කාචයට හසුකරගෙන ලෝ පුරා බෙදා හරින්න ලැබුණ එක හරිම හොඳයි” යයි හැනා පීටර්ස් කියා සිටියාය.
නවසීලන්ත කී‍්‍රඩකයන් සෑම දෙනාම පාහේ ජයග‍්‍රහණයෙන් උදම්ව මිට මොළවාගත් දෑත් දෙපසට වීසි කළ නමුත් ඒස මගම වාගේ දකුණු අපි‍්‍රකානුවන් සැනසීමට ඉදිරිපත් වූ අයුරුද දැකගන්නට ලැබිණ. පාංශූ දේහධාරී වේග පන්දු යවන්නකු වන මෝර්නි මෝකල් පිටියේ බිම වාඩිවී හඬමින් සිටියේ රසකැවිලි පාර්සලයක් අහිමි වූ කුඩා දරුවකු පරිද්දෙනි.
තරගයෙන් පසුව පැවැති මාධ්‍ය සාකච්ඡවේදීත් එළියට් කියා සිටියේ දකුණු අපි‍්‍රකානුවන් පිළිබඳ තමන් කණගාටු වන බවයි.
”එක හරිම ආශ්වාදජනක හැගීමක්. සෙනග දෙස බැලූවාම ඔවුන් කොයි තරම් සතුටු වෙනවාද, අපි අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තා නේද කියා මට හිතුණා”
”ඒත් දකුණු අපි‍්‍රකාව ගැන දුකකුත් ඇතිවුණා. විශේෂයෙන්ම මට ඔහු (ඬේල් ස්ටේන්) ගැනත්, අනෙක් කී‍්‍රඩකයන් ගැනත් විශාල දුකක් ඇතිවුණා” යයි පැවසූ එළියට්..
”ඒක අපට වුණත් වෙන්න තිබුණා....සමහරවිට අන්තිම පන්දු දෙක මගහැරුණා නම් මටත් ඒ ඉරණමම අත්වෙන්න තිබුණා” යයිද පැවසීය.
- අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නිල වෙබ් අඩවිය ඇසුරිනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.