Last Update  :  2025-04-10 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හම්බන්තොට පිල පළමු අවසන් පූර්ව තරගයට
ලංකා දහයයි-10 ලීගය

හම්බන්තොට පිල පළමු අවසන් පූර්ව තරගයට

editorial - 2024 දෙසැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ලංකා දහයයි-10 ලීග් ක්‍රිකට් තරගාවලියේ 21 වැනි තරගය ලෙස ගාල්ල මාවල්ස් කණ්ඩායම සහ හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (18 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමග පළමු අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමටද හම්බන්තොට කණ්ඩායමට හැකි විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 83 ක ඉලක්කයක් හඹාගිය හම්බන්තොට ක්‍රීඩකයෝ කඩුලු 5 ක් දැවී පන්දු 4 ක් ඉතිරිව තිබියදී ඉලක්කය පසුකර ගියහ. පන්දු 13 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 20 ක් රැස්කළ මොසැඩ්ඩෙක් හොසේන් හම්බන්තොට කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. එහිදී නායක දසුන් ශානක පන්දු 10 කින් ලකුණු 19 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගිනි. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ගාල්ල මාවල්ස් කණ්ඩායම ඕවර 10 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 82 ක් ලබාගත් අතර එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ සකීබ් අල් හසන් පන්දු 19 කින් නොදැවී ලකුණු 43 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි. කෙසේ වුවත් පිතිකරුවන් 5 දෙනකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් දැවී යෑම ගාල්ල කණ්ඩායමට විශාල පාඩුවක් විය. 

හම්බන්තොට කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීම්හි නරත වූ තරිඳු රත්නායක ලකුණු 10 කට කඩුලු 2 ක්ද, සහන් ආරච්චිගේ ලකුණු 11 කට කඩුලු 2 ක්ද බිඳහෙළමින් ගාල්ල ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට පෙරමුණ ගත්හ. ඉසුරු උදාන සහ ඒෂාන් මාලිංග එක් කඩුල්ල බැගින් දවාගනිමින් ඒ සඳහා ඔවුන්ට අනගි සහායක් ලබා දුන්හ. 


ගාල්ල මාවල්ස් පිල - ඕවර 10 කදී කඩුලු 6 කට 82 
(ඇලෙක්ස් හේල්ස් 14, සකීබ් අල් හසන් නොදැවී 43, තරිඳු රත්නායක 10/2, සහන් ආරච්චිගේ 11/2) 

හම්බන්තොට බංග්ලා ටයිගර්ස් පිල - ඕවර 9.2 කදී කඩුලු 5 කට 84 
(මොහොමඩ් ශේෂාඩ් 13, දසුන් ශානක 19, මොසැඩ්ඩෙක් හොසේන් නොදැවී 20, ජෙෆ්රි වැන්ඩසේ 11/2, බිනුර ප්‍රනාන්දු 22/2) 



අදහස් (0)

හම්බන්තොට පිල පළමු අවසන් පූර්ව තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.