Last Update  :  2025-04-21 18:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හයිද්‍රාබාද් - චෙන්නායි කණ්ඩායම් අවසන් වටයට

හයිද්‍රාබාද් - චෙන්නායි කණ්ඩායම් අවසන් වටයට

ශනුක අරවින්ද - 2018 මැයි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග 50 ක් නිමා වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ එහි දෙවැනි ස්ථානයේ රැදී සිටින චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් වී තිබේ.

එම කණ්ඩායම් 2 ටම මූලික වටයේ තවත් තරග 2 ක් බැගින් ඉතිරිව තිබින අතර මේ දක්වා සහභාගි වී ඇති තරග 12 දී හයිද්‍රාබාද් කණ්ඩායම තරග 9 ක් ජයගෙන ලකුණු 18 ක්ද, චෙන්නායි කණ්ඩායම තරග 8 ක් ජයගෙන ලකුණු 16 ක්ද ලබා සිටිති.

කෙසේ වුවත් අවසන් වටයට සුදුසුකම් ලබාගන්නා සෙසු කන්ඩායම් දෙක කුමක්දැයි තවමත් තීරණය වී නොමැති අතර දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම හැරණු කොට සෙසු කණ්ඩායම් 5 ටම තවමත් අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට අවස්ථාව තිබේ.

මේ වන විට කොල්කටා නයිට්රයිඩර්ස් කන්ඩායම ලකුණු 14 ක් ලබා  ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවන අතර මුම්බායි ඉන්දියන්ස්, රාජස්ථාන් රෝයල්ස් සහ කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම් ලකුණු 12 බැගින් ලබා පිළිවෙලින් ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි, පස්වැනි සහ හයවැනි ස්ථානවල රැදී සිටිති.

මූලික වටය නිමා වීමට තවත් තරග 6 ක් ඉතිරිව තිබෙන අතර එම තරගවල ප්‍රතිඵලය අනුව අවසන් වටයට සුදුසුකම් ලබාගන්නා සෙසු කණ්ඩායම් දෙක කුමක්දැයි තීරණය වනු ඇත.

කණ්ඩායම තරග  ජය පරාජ විසඳුමක් නැති  ප‍්‍රසාද ලකුණු දළ  ලකුණු වේගය
සන්රයිසර්ස් හයිද්‍රාබාද් 12 9 3 0 18 0.4
චෙන්නායි සුපර් කිංග්ස් 12 8 4 0 16 0.383
කොල්කටා නයිට්රයිඩර්ස් 13 7 6 0 14 -0.091
මුම්බායි ඉන්දියන්ස් 13 6 7 0 12 0.384
රාජස්ථාන් රොයල්ස් 13 6 7 0 12 -0.403
කිංග්ස් XI පන්ජාබ්  13 6 7 0 12 -0.49
රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර්  12 5 7 0 10 0.218
දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් 12 5 9 0 6 -0.478

 

-036


අදහස් (0)

හයිද්‍රාබාද් - චෙන්නායි කණ්ඩායම් අවසන් වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.