Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ දෙවැනි තරගය හෙට (25 වැනිදා) සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතර කොල්කටාහි ඊඞ්න් ගාඞ්න්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ පළමු තරගයේදී චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම හමුවේ කඩුලු 2 කින් පරාජයට පත්වීම නිසා හයිද්‍රාබාද් කණ්ඩායමට හෙට තරගය සඳහා සහභාගි වීමට සිදුවිය. කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම හෙට තරගයට සහභාගිවීම සඳහා අවස්ථාව උදා කරගත්තේ පරාජිතයන් ඉවත් කිරීමේ තරගයේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 25 ක ජයක් වාර්තා කරමිනි.
තරගාවලියේ මූලික වටයේදී තරග 9 ක් ජයගත් සන්රයිසස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ රැදෙමින් අවසන් වටයට පිවිසි අතර කොල්කටා කණ්ඩායම අවසන් වයට පිවිසියේ තරග 8 ක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැදෙමිනි.
මෙවර තරගාවලියේදී එකිනෙකාට එරෙහිව තරග වැදුණ අවස්ථා දෙකේදී එක් ජයග්‍රහණය බැගින් අත්කර ගැනීමට මෙම කණ්ඩායම් දෙකම සමත් විය. ඉන් පළමු තරගයේදී කොල්කටා කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක ජයක් ලැබීමට සන්රයිසස් කණ්ඩායම සමත් වූ අතර දෙවැනි තරගයේදී සන්රයිසස් කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක ජයක් ලැබීමට කොල්කටා කණ්ඩායම සමත් විය.
ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය හිමිකර ගනිමින් අවසන් වටයට සුදුසුකම් ලබාගත්තද, අවසන් වටර සහභාගි වූ තරගය 4 ම ජයගෙන සිටින කොල්කටා කණ්ඩායම මේ වන විට ජයග්‍රාහී මානසිකත්වයක පසුවේ. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වුවද, අවසන් වරට අවසන් වරට සහභාගි වූ තරග හතරේදීම පරාජයට පත්වී තිබීම හෙට දිනයේදී සන්රයිසස් කණ්ඩායමේ මානසික ඒකාග්‍රතාව බිඳවැටීමට හේතුවනු ඇත.
අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ පළමු තරගයේදී ජය ලැබූ චෙන්නායි කන්ඩායම මේ වන විටත් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටින අතර එහිදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් කවුදැයි යන්න හෙට තරගයේ ප්‍රතිඵලය අනුව තීරණය වනු ඇත.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.