Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගය ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර කොල්කටාහිදී අද (25 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 13 ක ජයක් අත්කර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය.
මෙම ජයග්‍රහණයත් සමග තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අවස්ථාව උදා කරගත් අතර එහිදී ලැබූ පරාජයත් සමග කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම තරගාවලියෙන් ඉවතට විසිවිය.
ජයග්‍රහණය සඳහා ලකුණු 175 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 161 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ රෂීඞ් ඛාන් ලකුණු 19 කට කඩුලු 3 ක් දවාගනිමින් කොල්කටා කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අහුරාලීය.
පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 174 ක් රැස්කළ අතර ඉනිමේ අවසන් භාගයේදී පන්දු 10 කට මුහුණදුන් රෂිඞ් ඛාන් එහිදී නොදැවී ලකුණු 34 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි.
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 7 කට 174
(රිධිමන් සාහා 35, ශිකර් ධවාන් 34, සකීබ් අල් හසන් 28, දීපක් හූඩා 19, රෂීඞ් ඛාන් නොදැවී 34, කුල්දීප් යාදව් 29/2)
කොල්කටා නයිට්රයිඩර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 161
(ක්‍රිස් ලයන් 48, සුනිල් නරේන් 26, නිටිෂ් රානා 22, සුබ්මන් ගිල් 30, රෂිඞ් ඛාන් 19/3, කාර්ලෝස් බ්‍රැත්වේට් 16/2, සිද්ධාර්ත් කෞල් 32/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.