Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හයිද්‍රාබාද් පිල තෙවැනි තැනට එයි

හයිද්‍රාබාද් පිල තෙවැනි තැනට එයි

සංජය එරමුදුගොඩ - 2015 මැයි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ඉන්දීය ප‍්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ 48 වැනි තරගය ලෙස සන්රයිසස් හයිද්‍රාබාද් පිල සහ කිංග්ස් XI පංජාබ් පිල අතර හයිද්‍රාබාද්හිදී අද (11) පැවැති තරගයෙන් හයිද්‍රාබාද් පිල ලකුණු 5 ක තියුණු ජයක් ලැබීය.

හයිද්‍රාබාද් පිල මෙම ජයග‍්‍රහණයත් සමග තරග 12 කදී ජයග‍්‍රහණ 7 ක් සමගින් ප‍්‍රසාද ලකුණු 14 ක් ලබා ප‍්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියේය. මෙම ජයත් සමගින් හයිද්‍රාබාද් පිල අවසන් වටයට සුදුසුකම් ලැබීමේ සටනට එකතු විය.

ජයග‍්‍රහණය සදහා ලකුණු 186 ක ඉලක්කය හඹායන පංජාබ් පිල  ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 180 ක් රැස් කළේය.

ඬේවිඞ් මිලර් පන්දු 44 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහර 9 ක් සමගින් නොදැවී ලකුණු 89 ක් රැස්කරමින් පංජාබ් පිල ජය පෙනෙන මානයට රැගෙන ආවේය.
 
පංජාබ් පිලේ ප‍්‍රබලතම පිතිකරු ලෙස සැළකෙන ග්ලේන් මැක්ස්වෙල් පන්දු 6 කදී ලකුණු 11 කට දැවී යෑමෙන් බලාපොරොත්තු පසු පසට තල්ලූ විය. පළමුව පන්දුවට පහර දුන් හයිද්‍රාබාද් පිල  ඕවර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 185 ක් රැස් කළේය.

ඬේවිඞ් වෝනර් පන්දු 52 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 5 ක් සමගින් ලකුණු 81 ක් රැස්කරමින් හයිද්‍රාබාද් පිලට වේගවත් ආරම්භයක් ලබා දීමට සමත් විය.

හයිද්‍රාබාද් පිලේ නායක ඬේවිඞ් වෝනර් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

කිංග්ස් XI පංජාබ් පිල තරග 12 කදී ජයග‍්‍රහණ දෙකක් සමගින් ප‍්‍රසාද ලකුණු 4 ක් ලබා අවසන් ස්ථානයේ පසු වෙයි. ඉදිරි තරග දෙක ජය ලැබුවද පංජාබ් පිලට අවසන් වටයට පැමිණීමේ අවස්ථාව හිමිනොවේ.

 


සන්රයිසස් හයිද්‍රාබාද් පිල ඕවර 20 කදී කඩුලූ 5 ට 185
(ඬේවිඞ් වෝනර් 81, ශිකර් ධවාන් 24, මොයිසිස් හෙන්ද්‍රික්ස් 28, ඔයින් මෝගන් 17, ලෝකේෂ් රාහුල් නොදැවී 17, බෙයුරින් හෙන්ද්‍රික්ස් 40/2)
 
කිංග්ස් XI පන්ජාබ් පිල  ඕවර 20 කදී කඩුලූ 7 ට 180
(මුරලි විජේ 24, මානන් වොරා 20, ග්ලේන් මැක්ස්වෙල් 11, ඬේවිඞ් මිලර් නොදැවී 89, අෂාර් පටෙල් 15, මොයිසිස් හෙන්ද්‍රික්ස් 16/3, බිපුල් ශර්මා 13/2) 

 

- 048


අදහස් (0)

හයිද්‍රාබාද් පිල තෙවැනි තැනට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.