Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ජායිපූර්හිදී ඊයේ (7 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය. හයිද්‍රාබාද් කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ සිවුවැනි ජය මෙය විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 215 ක ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් කණ්ඩායම ඉනිමේ අවසන් පන්දුවේදී ලකුණු 4 ක් රැස්කරමින් ඉලක්කය පසුකර ගියේය. ඉනිමේ අවසන් පන්දුවේදී ලකුණු 5 ක් අවශ්‍යව තිබූ නමුත් එය නිපන්දුවක් වීම නිසා හිමි වූ අතිරේක පන්දුවේදී ලබාගත යුතුව තිබූ ලකුණු සංඛ්‍යාව 4 ක් දක්වා අඩු විය.
ආරම්භක පිතිකරු අභිෂේක් ශර්මා පන්දු 34 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 55 ක්ද, රාහුල් ත්‍රිපාටි පන්දු 29 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 47 ක්ද රැස්කරමින් හයිද්‍රාබාද් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ.
ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ ග්ලේන් පිලිප්ස් හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග පන්දු 7 කින් ලකුණු 25 ක්ද, අබ්දුල් සමාඩ් හයේ පහර 3 ක් සමග පන්දු 7 කින් නොදැවී ලකුණු 17 ක්ද රැස්කරමින් හයිද්‍රාබාද් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 214 ක් ලබාගත් අතර ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ජොස් බට්ලර් පන්දු 59 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 95 ක් රැස්කිරීමට සමත් විය.
යෂස්වි ජයිස්වාල් (35) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 30 කදී ලකුණු 54 ක සම්බන්ධතාවක් ගොඩනැගූ බට්ලර්, ඉන් නොනැවතී නායක සංජු සැම්සන් (66) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 81 කදී ලකුණු 138 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් රාජස්ථාන් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.
රාජස්ථාන් රෝයල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 2 කට 214
(යෂස්වි ජයිස්වාල් 35, ජොස් බට්ලර් 95, සංජු සැම්සන් 66)
සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 217
(අන්මෝල්ප්‍රීත් සිං 33, අභිෂේක් ශර්මා 55, රාහුල් ත්‍රිපාටි 47, හෙන්රිච් ක්ලාසන් 26, ග්ලේන් පිලිප්ස් 25, අබ්දුල් සමාඩ් නොදැවී 17, යුස්වේන්ද්‍ර චාහල් 29/4)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.