Last Update  :  2025-01-15 11:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හයිද්‍රාබාද් පිල දෙවැනි තැනට එයි
අයි.පී.එල්. - 2024

හයිද්‍රාබාද් පිල දෙවැනි තැනට එයි

editorial - 2024 මැයි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 69 වැනි තරගය ලෙස පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර හයිද්‍රාබාද් නුවර රජීව් ගාන්ධි ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට හයිද්‍රාබාද් කණ්ඩයම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පැමිණීමටද හයිද්‍රාබාද් ක්‍රීඩකයෝ සමත් වූහ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 215 ක ඉලක්කයක් හඹාගිය හයිද්‍රාබාද් ක්‍රීඩකයෝ ඕවර 19.1 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ඉලක්කය සපුරා ගත්හ. එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු අභිෂේක් ශර්මා හයේ පහර 6 ක් සහ හතරේ පහර 5 ක් සමග පන්දු 28 කින් ලකුණු 66 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමුවේය. 

රාහුල් ත්‍රිපාටි හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග පන්දු 18 කින් ලකුණු 33 ක්ද, නිතිෂ් රාන් හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග පන්දු 25 කින් ලකුණු 37 ක්ද රැස්කළ අතර හෙන්රිච් ක්ලාසන් පන්දු 26 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 42 ක් රැස්කරමින් හයිද්‍රාබාද් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 214 ක් ලබාගත් අතර පන්ජාබ් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු ප්‍රභ්සිම්රන් සිං පන්දු 45 කදී ලකුණු 71 රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් සමගිනි. 

අතර්වා තායිඬේ පන්දු 27 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 46 ක්ද, රීලී රූසොව් පන්දු 24 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් රැස්කළ අතර පන්දු 15 කට මුහුණදුන් ජිතේෂ් ශර්මා හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 32 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට ගෙන ගියේය. 

 

පන්ජාබ් කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 214
(අතර්වා තායිඬේ 46, ප්‍රභ්සිම්රන් සිං 71, රිලී රූසොව් 49, ජිතේෂ් ශර්මා නොදැවී 32, ටී. නටරාජන් 33/2) 

සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 19.1 කදී කඩුලු 6 ක් දැවී 215
(අභිෂේක් ශර්මා 66, රාහුල් ත්‍රිපාටි 33, නිතිෂ් රානා 37, හෙන්රිච් ක්ලාසන් 42, අර්ෂ්දීප් සිං 37/2, හර්ෂාල් පටේල් 49/2)
 
-036

 


අදහස් (0)

හයිද්‍රාබාද් පිල දෙවැනි තැනට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.