Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැත්වෙන අවසන් ප්‍රධාන පෙළේ එක්දින තරඟාවලිය වන ආසියානු කුසලාන තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායමේ උපනායකයා වශයෙන් තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා නම්කර තිබේ. සුපුරුදු පරිදි ඉන්දීය කණ්ඩායම රෝහිත් ෂර්මා විසින් මෙහෙයවනු ලබනු ඇත.
නවදිල්ලියේ තේරීම් කමිටුව සඳුදා නිවේදනය කළේ දිගු විවේකයකින් පසුව ලෝකේෂ් රාහුල් සහ ශ්‍රෙයාස් අයියර් දෙදෙනාත් නැවත කණ්ඩායමට එක්වන බවයි. අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගාවලියේදී පිටකොන්දේ ආබාධවලට මුහුණ දුන් වේග පන්දු යවන ජස්ප්‍රිට් බුම්රා සහ නවක ක්‍රීඩක ප්‍රසිද් ක්‍රිෂ්ණා දෙදෙනාත් කණ්ඩායමට එක්වී සිටිති.
ඔක්තෝම්බර් 5 වැනිදා සිට ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට පෙර එක්දින තරග සඳහා හොඳ සූදානමක් ලබාගැනීමට මෙම පන්දු යවන්නන් දෙදෙනාම සංචිතයට කැඳවා තිබේ. ඉන්දීය කණ්ඩායම ක්‍රීඩකයන් 17 දෙනකුගෙන් සමන්විතය.
සංජු සැම්සන් අතිරේක ක්‍රීඩකයා ලෙසින් නම්කර තිබේ.
මේ මස 30 වැනිදා සිට ශ්‍රී ලංකාවේ සහ පකිස්තානයේදී පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලිට රටවල් හයක කණ්ඩායම් සහභාගි වෙති.
ආසියානු කුසලාන තරගාවලිය සඳහා ඉන්දීය එක්දින සංචිතය :
රෝහිත් ෂර්මා (නායක), ශුබ්මන් ගිල්, විරාට් කෝලි, ශ්‍රෙයාස් අයියර්, ලෝකේෂ් රාහුල්, හර්දික් පාණ්ඩ්‍යා, රවීන්ද්‍ර ජදේජා, ජස්ප්‍රිට් බුම්රා, කුල්දීප් යාදව්, මොහොමඩ් සිරාජ්, මොහොමඩ් ෂාමි, ඉෂාන් කිෂාන්, ෂර්දුල් ඨාකූර්, අක්ෂර් පටෙල්, සූර්යකුමාර් යාදව්, තිලක් වර්මා සහ ප්‍රසිද් ක්‍රිෂ්ණා
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.