Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හරීන් ක්‍රිකට් අතුරු කමිටුව අවලංගු කරයි

හරීන් ක්‍රිකට් අතුරු කමිටුව අවලංගු කරයි

editorial - 2023 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්කිරීමට හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා විසින් ගන්නා ලද තීරණය අවලංගු කරමින් වත්මන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 

“අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයිසීසී) විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පනවා ඇති තහනම ඉවත් කරගැනීමේ අරමුණින් මෙම ගැසට් පත්‍රයට අද අත්සන් තැබුවා” යයි ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා එක්ස් (ට්විටර්) පණිවුඩයක් තබා තිබේ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවට ඉදිරිපත් කර ඇති විගණකාධිපතිවරයාගේ වාර්තාව පිළිබඳ නිරීක්ෂණ ඉල්ලා අන්තර්ජාතික ක්‍රිකට් සභාවට ලිඛිතව දන්වා ඇති බවද සිය ‘එක්ස්’ පණිවුඩයේ සටහන් කරන ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ද ලබාගන්නා බවද කියයි. 

විගණකාධිපති වාර්තාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අදාළ මූල්‍ය අක්‍රමිකතා තහවුරු වී ඇති බව පවසමින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා, නොවැම්බර් 06 වැනිදා අර්ජුන රණතුංගගේ ප්‍රධානත්වයෙන් අතුරු කමිටුවක් පත් කළේය. අතුරු කමිටුව පත්කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවට ලිඛිතව කරුණු දන්වා සිටි අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය අස්කළ යුතු යයි කියමින් පාර්ලිමේන්තු ඡන්ද විමසීමක් ද පැවැත්විණි.

දේශපාලන මැදිහත්වීම් ඇතැයි පවසමින් වහාම ක්‍රියාත්මක වන පරිදි, අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් නොවැම්බර් 10 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තහනමක් පනවන ලදි. 

කෙසේ වෙතත් ක්‍රිකට් අතුරු කමිටුව පත්කිරීමෙන් පසුව ඇතිවූ අර්බුද දිගින් දිගටම වර්ධනය වූ බැවින් සියලුම අමාත්‍ය ධූරවලින් රොෂාන් රණසිංහ ඉවත් කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගත්තේය. වත්මන් ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු මහතා රොෂාන් රණසිංහ මහතාගේ අනුප්‍රාප්තිකයාය.


අදහස් (0)

හරීන් ක්‍රිකට් අතුරු කමිටුව අවලංගු කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.