Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ අවසන් දින කිහිපය එළැඹී තිබියදී අනුශූරතාව හඹා යමින් සිටින හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අද පස්වරුවේ (3) හැව්ලොක්ස් පිටියේ පැවැත්වෙන තීරණාත්මක තරගයේදී ගැටෙති.
වට දෙකකින් සහ තරග 14 කින් සමන්විත අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ අද පැවැත්වෙන්නේ 13 වැනි සතියේ තරග පෙළයි. මහනුවර ක්‍රීඩා සමාජය මේ වනවිටත් තරග 12 ම ජයගෙන කුසලානයට හිමිකම් කියන බැවින් දැන් සටන ඇත්තේ අනුශූරතාවටය.
තරග 10ක් ගෙවනතුරුම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන අයිතිකරගෙන සිටි හැව්ලොක්ස් පිලට 11 වැනි තරගයේදී තුන්වැනි තැන දක්වා පල්ලම් බැසීමට සිදුවූයේ පොලිසිය සමග පැවැති තරගය ජය පරාජයෙන් තොරව නිමාවූ නිසාය. ඊළඟට සී.ආර්. පිල හමුවේ පරාජයට පත්වීමෙන් එහෙම පිටින්ම අවුල්වූ හැව්ලොක්ස් පිල අද තරගයට එක්වන්නේ ජයග්‍රහණය හැර ආපසු නොහැරෙන අදිටනිනි.
ලොක් ෆෝවර්ඞ් ක්‍රීඩක ජේසන් මෙල්ඩර්ගේ නායකත්වයෙන් යුතු හැව්ලොක්ස් පිල ප්‍රොප් ක්‍රීඩක දුෂ්මන්ත ප්‍රියදර්ශන, ප්‍රසාද් මධුසංඛ, ෂැරෝ ප්‍රනාන්දු, දුලාජ් පෙරේරා, රීසා මුබාරක් වැනි ප්‍රබල ක්‍රීඩකයන්ගෙන් සමන්විත වුවත් පසුගිය තරග කිහිපයේදීම කණ්ඩායමක් ලෙසට ක්‍රීඩා කිරිමේ දුර්වලතා ගණනාවකට මුහුණ දෙමින් සිටියේය.
එහෙත් ඊට හාත්පසින්ම වෙනස් මුහුණුවරකින් ක්‍රීඩා කරමින් සිටින ධනුෂ්ක පෙරේරාගේ නායකත්වයෙන් යුතු නාවික හමුදා පිල තරගාවලියේ හිස එසැවූයේ කණ්ඩායම් හැඟීමෙන් යුතුව ක්‍රීඩා කිරීමෙනි. පන්දු පිරිනැමිමේදී ප්‍රතිවාදීන් අන්දමන්ද කරවන සුළු ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කරන නැවියන්ගේ ජයග්‍රහණයේ ප්‍රධානතම තුරුම්පුව ෆුල්බෑක් ක්‍රීඩක තිළිණ විරසිංහය.
ඉලක්කයට පන්දුව එල්ල කිරිමේ රුසියකු වන තිළිණ අකුරටම ඉටු කරමින් සිටින්නේ තම කණ්ඩායමේ උත්සාහක දිනුම් ගෝල බවට පත් කිරීමේ රාජකාරිය පමණක්ම නොවේ. ප්‍රතිවාදීන් අතරින් රිංගා යමින් උත්සාහක දිනුම් රැස් කිරිමටද තිළිණ උපන් හපනකු බව පෙනේ. බුද්ධිම පියරත්න, කසුන් ද සිල්වා, මොහොමඞ් අබ්සාල් මෙන්ම දුලාංජන විජේසිංහත් නැවියන්ගේ කඳවුරේ ප්‍රබලතම තුරුම්පුය.
තරගාවලියේ පෙරළිකාරයන් වන සී.එච්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර අද පස්වරුවේ කොළඹ තුරඟ තරග පිටියේ පැවැත්වෙන තරගයේ වැඩි වාසිය සී.එච්.පිලට හිමිවූවත් පොලිස් කණ්ඩායම අවතක්සේරුවට ලක් කළ නොහැකිය. හැව්ලොක්ස් පිලට දෙවැනි තැන අහිමි කරමින් එම තරගය ජයපරාජයෙන් තොරව නිමාවට පත් කරගත් පොලිස් පිල පසුගිය සතියේදී ගුවන් හමුදා පිලත් පරාජයට පත් කළේය. එබැවින් ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි තැන දක්වා පැමිණි සී.එච්.පිලට එය රැකගැනීමට නම් පොලිස් පිලත් සමග දැඩි සටනක නිරතවීමට නම් සිදුවනු ඇත.
දැනටමත් කුසලානයට හිමිකම් කියන මහනුවර පිල අද යුද හමුදා පිල සමග රත්මලාන ගුවන් හමුදා පිටියේදී තරග වදින්නේ අපරාජිත බව රැක ගැනීමටය. මෙතෙක් පැවැති තරග සියල්ලම ජයගෙන අපරාජිතව සිටින එකම කණ්ඩායම ලෙස දිනාගත් ගෞරවය රැක ගැනීම දැන් ඔවුන්ගේ අරමුණයි.
කලෙකට පසුව අවසන් කණ්ඩායම් හතරට සේන්දුවීමේ අවස්ථාව මඟ හැරී ගොස් සිටින සී.ආර්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජයේ අරමුණ වී ඇත්තේ නැවත එතැනට සමීප වීමයි. අද පස්වරුවේ ගුවන් හමුදා පිල සමග සී.ආර්.පිටියේ පැවැත්වෙන තරගයේදී එය ඉටු කරගැනීමේ කදිම අවස්ථාවක් ඔවුන් හමුවේ තිබේ. එහෙත් එය තීරණය වන්නේ අද පොලිස් පිල සමග ගැටෙන දැනට සිවුවැනි තැන සිටින සී.එච්.පිලේ ජයග්‍රහණය හෝ පරාජය මතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.