Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හැව්ලොක්ස්, සී.ආර්., නාවිකයෝ, පොලිසිය ජය ලබති

හැව්ලොක්ස්, සී.ආර්., නාවිකයෝ, පොලිසිය ජය ලබති

සංජය එරමුදුගොඩ - 2013 දෙසැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

අන්තර් සමාජ පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතියේදී හැව්ලොක්ස්, සී. ආර්. ඇන්ඞ් එෆ්. සී., නාවික හමුදා සහ පොලිස් යන කණ්ඩායම් ජයග‍්‍රහණය වාර්තා කිරීමට සමත් වූහ.


සෙනසුරාදා පස්වරුවේදී ඇද හැලූණු අධික වර්ෂාවෙන් හැව්ලොක්ස් ක‍්‍රීඩාංගණයේ ක‍්‍රීඩා සමාජ ශාලා අන්තයේ ගෝල කණු දක්වා ජලයෙන් යටවීම කැපී පෙනුණි. පෙරේදා පැවැති සියලූම තරග වර්ෂාව මධ්‍යයේ පැවැති අතර කෙසේ වෙතත් එවැනි තත්ත්වයක තරග පැවැත්වීම ක‍්‍රීඩකයන් අවධානම් තත්ත්වයකට පත්කිරීමකි.


හැව්ලොක්ස් පිටියේදී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැති තරගයෙන් සත්කාරක හැව්ලොක්ස් පිල ලකුණු 48-8 කින් ගුවන් හමුදා පිල පරාජය කිරීමට සමත් විය. හැව්ලොක්ස් පිල ගෝල සහ උත්සාහක දිනුම් හතර බැගින් සම්පූර්ණ කළ අතර එහිදී සඳුන් හේරත් උත්සාහක දිනුම් හතරක් හැව්ලොක්ස් පිලට එකතු කළේය.


කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැති තරගයේදී සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. ක‍්‍රීඩකයෝ සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිලට අනපේක්‍ෂිත දැවැන්ත පරාජයක් ගෙන ඒමින් ලකුණු 81-10 ක පහසු ජයක් ලබා ගැනීමට සමත් වූහ. සී. ආර්. පිලට ගෝල 8 කින් සහ උත්සාහක දිනුම් පකින් ලකුණු එකතු විය.

 

 

 

ගුවන් හමුදා කී‍්‍රඩකයකු බිමදමා පන්දුව රැගෙන ඉදිරියට දිවයන හැව්ලොක්ස් කී‍්‍රඩකයෙක්


නාවලපිටියේදී පැවැති තරගයේදී නාවික හමුදා පිල ලකුණු 24-15 ක් ලෙස අප්කන්ටි‍්‍ර ලයන්ස් පිල පරාජය කිරීමට සමත් විය. එම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලයන්ස් පිල ලකුණු 15-14 ක් ලෙස පෙරමුණේ සිටිය ද, නාවික හමුදාව දෙවැනි අර්ධයේදී ඉදිරියට පැමිණීමට සමත් විය.


පොලිස් පිල සහ හම්බන්තොට ශාක්ස් පිල අතර බෙලිඅත්තේදී පැවැති තරගයෙන් පොලිසිය ලකුණු 12-9 ක තියුණු ජයක් ලැබීය.

 

 

 

 

 

 

 

 

 

 

සී. ආර්. කී‍්‍රඩකයකු පන්දුව රැගෙන ඉදිරියට දිවයමින්....
 


අදහස් (0)

හැව්ලොක්ස්, සී.ආර්., නාවිකයෝ, පොලිසිය ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.