Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නොසිතූ විරූ ලෙස ශ්‍රී ලංකා නාවික හමුදා රග්බි කණ්ඩායම හමුවේ ලකුණු 25-14 ක් ලෙස පරාජයට පත්වී පසුගිය සති අන්තයේදී සිය අපරාජිත බව බිඳ ගත් හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය හෙට (24) පස්වරුවේ කොළඹ තුරඟ තරග පිටියේදී සී.එච්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව සිවුවැනි තරගයට මුහුණදෙයි. පළමු තරගයේ සිටම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් හැව්ලොක්ස් පිලේ අභිමානය නැවියන් හමුවේ බිඳ වැටීමෙන් පසුව ලකුණු සටහනේ දෙවැනි තැනට පසුබැස සිටියත් හෙට තරගයේදී යළි සුපුරුදු ක්‍රීඩා රටාවට පිවිසීම ඔවුන්ගේ බලාපොරොත්තුව වී තිබේ.
නැවියන්ගේ ආක්‍රමණශීලී තරග රටාවෙන් අන්දමන්දවී තරගයෙන් පරාජයට පත්වූවත් මෙතෙක් උත්සාහක දිනුම් 4ක් තබමින් වැඩිම උත්සාහක දිනුම්ලාභීන් අතර තුන්වැනි තැන පසුවන කෙවින් ඩික්සන්, උත්සාහක දිනුම් 2 බැගින් ලබා කැපී පෙනෙන ක්‍රීඩා රටාවක් පෙන්වූ ප්‍රසාද් මධුසංඛ සහ දුෂ්මන්ත ප්‍රියදර්ශන හෙට තරගයේදී සිය කණ්ඩායම වෙනුවෙන් උපරිමය ඉටුකිරීමට බලා සිටිති.
එසේ වුවත් පසුගිය සතියේ තරගයේදී ප්‍රබල සී.ආර්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය ලකුණු 19-12 කින් පරදවා සිය පළමු ජයග්‍රහණය වාර්තා කළ සී.එච්.ඇන්ඞ් එෆ්.සී.ක්‍රීඩා සමාජය නැවියන් විසින් තලා පෙලා දමනු ලැබූ හැව්ලොක්ස් පිල බිමට සමතලා කිරීමට අධිෂ්ඨානශීලිව බලා සිටින බැවින් හෙට තරගය හැව්ලොක්ස් පිලට සිතන තරම් ලෙහෙසි නොවනු ඇත.
තරගාවලියේ පෙරමුණ ගැනීමට හැව්ලොක්ස් පිල නැවතත් අර අඳිද්දී පසුගිය සතියේ තරගයේදී උත්සාහක දිනුම් වර්ෂාවකින් යුද හමුදා කණ්ඩායම තෙමා දමා තරගාවලියේ පෙරමුණ ගත් ප්‍රබල මහනුවර ක්‍රීඩා සමාජය අනිද්දා (25) ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව නිත්තවෙලදී තරග වදින්නේ තව දුරටත් පෙරමුණ රැකගැනීමේ අරමුණ ඇතිවය.
මෙවර සති අන්තයේ පැවැත්වෙන තරග අතරින් පරාජිතයන්ගේ තරගය බවට පත්වී ඇත්තේ පසුගිය සතියේදී සී.එච්.පිල හමුවේ පරාජය වූ සී.ආර්.පිලත්, මහනුවර පිල හමුවේ පරාජය වූ යුද හමුදා පිලත් අතර තරගයයි. අනිද්දා පස්වරුවේ සී.ආර්.පිටියේදී තරග වැදීමට නියමිත මේ තරගයට දෙපිලම එක්වන්නේ නැවත ජයග්‍රාහී මාවත හෙළිපෙහෙළි කරගැනීමේ අදිටනින් යුතුවය.
පොලිස් කණ්ඩායම සහ නාවික හමුදා කණ්ඩායම අතර තරගයත් අනිද්දා පස්වරුවේ වැලිසරදී පැවැත්වෙනු ඇත.
පසුගිය සතියේ තරග ප්‍රතිඵල අනුව ප්‍රසාද ලකුණු පුවරුව
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.