Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ පළමු දිනය වූ සෙනසුරාදා පොලිස් පිලට එරෙහිව විදුලි ආලෝකධාරා මැද හැව්ලොක්ස් පිටියේදී තරග වැදුණු සත්කාරකයෝ ලකුණු 36-0ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට සමත් වූහ.
තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 17-0 කින් පෙරමුණ ගත් හැව්ලොක්ස් පිල ගෝල් 4 ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් සිය ලකුණු සංඛ්‍යාවට ඇතුළත් කර ගත්තේය. එයින් ලකුණු 16ක්ම වාර්තා වූයේ හැව්ලොක්ස් පිලේ ෆුල්බෑක් ක්‍රීඩක රීසා මුබාරක්ගේ පාදයෙනි.
තරගයේ දෙවැනි මිනිත්තුවේදීම දෙපිලේ ක්‍රීඩකයන් එකපොදියට පන්දුවට පොර බදද්දී පන්දුව අතැතිව ඉන් මිදුණු ප්‍රසාද් මධුසංඛ තැබූ අනගි උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්ථනය කළ රීසා මුබාරක් හැව්ලොක්ස් පිල ලකුණු 7-0 කින් ඉදිරියට ගෙන ගියේය.
ඊට මිනිත්තු 5 කට පසුව හැව්ලොක්ස් පිලේ පසුගිය වසරේ නායක දුෂ්මන්ත ප්‍රියදර්ශන ද එවැනිම ආකාරයකින් උත්සාහක දිනුමක් තැබීමට සමත්වූ අතර මුබාරක් එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කරමින් හැව්ලොක්ස් පිලේ ලකුණු සංඛ්‍යාව 14 දක්වා ඔසවා තැබූවේය.
ඉන් අනතුරුව 30 වැනි මිනිත්තුවේදී පොලිස් පිලේ ක්‍රීඩකයකු නියමිත සීමාවෙන් පිටත සිටීම (ඕෆ් සයිඞ්) නිසා ලද දඬුවම් පහරක් සාර්ථක කරගත් මුබාරක් ලකුණු සංඛ්‍යාව 17 දක්වා ඉදිරියට ගෙන ගියේය.
දෙවැනි අර්ධයේදී සිය ආධිපත්‍ය තවදුරටත් පතුරුවාලූ හැව්ලොක්ස් පිල පොලිස් පිලේ ක්‍රීඩකයන් දැඩි පීඩනයට ඇද දමූහ. 51 වැනි මිනිත්තුවේදී නායක ජේසන් මෙල්ඩර් තැබූ උත්සාහක දිනුමක් රීසා මුබාරක් විසින් ගෝලයක් බවට ප්‍රවර්ථනය කරනු ලැබීමෙන් පසුව ලකුණු සංඛ්‍යාව දිස්වූයේ 24-0 ක් ලෙසටය.
එතෙක් වේලා සෙසු ක්‍රීඩකයන්ගේ උත්සාහක දිනුම් ප්‍රවර්ථනය කරමින් සිටි මුබාරක් අනතුරුව 65 වැනි මිනිත්තුවේදී ඔහු විසින්ම තැබූ උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්ථනය කරනු ලැබීමෙන් පසුව ලකුණු සංඛ්‍යාව 31-0ක් වෙද්දී ජයග්‍රහණය පිළිබඳ ආශාව අතහැර දැමීමට පොලිස් පිලට සිදුවිය.
කෙවින් ඩික්සන් තැබූ උත්සාහක දිනුමත් සමග හැව්ලොක්ස් පිලේ ජයග්‍රහණයෙන් තරගය නිමාවට පත්විය.
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.