Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නාවික හමුදා පිල සහ හැව්ලොක්ස් පිල අතර වැලිසර නාවික හමුදා ක‍්‍රීඩාංගණයේදී ඊයේ (01) පස්වරුවේ පැවැති තරගයේදී හැව්ලොක්ස් පිල ලකුණු 18-10 ක ජයක් ලැබීය. තරගය ආරම්භයේ සිට හැව්ලොක්ස් පිල පෙරමුණේ පසු වූ අතර ලකුණු 8-5 ක් ලෙස හැව්ලොක්ස් පිල පෙරමුණේ සිටියදී පළමු අර්ධය අවසන් විය.
මෙම තරගයේ ගැටුමක් නිර්මාණය වීමට විනිසුරු තීරණය හේතු වූ බව වාර්තා වේ. එහිදී තරග නිලධාරීන්ට තරගාවලි නීති රීති පිළිබදව වැටහීමක් නොමැති වීමෙන් නාවික හමුදා පිලට විදේශීය ක‍්‍රීඩකයකු විනාඩි 5 ක පමණ කාලයක් නීති විරෝධිව ක‍්‍රීඩා කළේය.
පසුව රග්බි සංගමයේ නිලධාරීන්ගේ විමසා ආදාළ ක‍්‍රීඩකයා ඉවත් කිරීමට විනිසුරුවරු පියවර ගත් නමුත් ඒ වන විට නොසන්සුන්තාව වර්ධනය වී තිබිණ. එම ක‍්‍රීඩකයාට ක‍්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදීම පිළිබ`දව හැව්ලොක්ස් පිලේ නිලධාරීන් විරෝධය පළ කළ අතර මෙම සිද්ධියත් සමඟ ක‍්‍රීඩාංගණයේ හූ හඩ ආරම්භ විය.
මෙම තරගය වෙනුවෙන් ප‍්‍රධාන විනිසුරු අරුණ රන්කොත්ගේ මහතාද ඇතුළුව විනිසුරුවෝ පස් දෙනෙක් කටයුතු කළහ. ඊට අමතරව තරග අධ්‍යක්‍ෂවරයා ලෙස තුවාන් ඩූල් මහතා ද ඔහුට සහයට තවත් නිලධාරියකු පත්කර තිබුණි.
දෙවැනි අර්ධයේ 30 වැනි මිනිත්තුවේදී පැති විනිසුරු ලෙස කටයුතු කළ ඞී. නිමල් මහතා නාවික හමුදා පිලට අවාසිසහගත ලෙස දුන් තීරණයක් වෙනස් කිරීම නාවික හමුදාවට සහයෝගය දැක්වූ පේ‍්‍රක්‍ෂයන්ගේ නැගී සිටීමට හේතුව විය.
එම අවස්ථාවේදී විනිසුරුවන් සහ නාවික හමුදා රග්බි ප‍්‍රධානියකු අතර උණුසුම් වචන හුවමාරුවක් පැවැති අතර ඒ වෙනුවෙන් විනාඩි දෙකක් පමණ තරගය නතර කර තිබිණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.