Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හැව්ලොක්ස්ට 34 - 18 ක පහසු ජයක්

හැව්ලොක්ස්ට 34 - 18 ක පහසු ජයක්

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පළමු භාගය නිමාවෙද්දී පසුබා සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩකයෝ දෙවැනි භාගයේ පළමු මිනිත්තු 20 ඇතුළත පෙන්නුම් කළ විස්මිත ක්‍රීඩා විලාසය නිසා ලකුණු 18-15 කින් පෙරමුණ ගත්හ. මෙම හදිසි ප්‍රහාරයෙන් හැව්ලොක්ස් පිල අන්දමන්ද විය. එහෙත් ඉන් පසුව සිය සුපුරුදු ක්‍රීඩා රටාවට අවතීර්ණ වූ හැව්ලොක්ස් ක්‍රීඩකයෝ  අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ පළමු තරගයෙන් ලකුණු 34-18 ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඊයේ සමත්වූහ.

රත්මලාන ගුවන් හමුදා පිටියේදී පැවැති මේ තරගයේ මුලදීම දුලාජ් පෙරේරා සහ සුදම් සූරියආරච්චි එක පිට එක තැබූ උත්සාහක දිනුම් ද්විත්වයම ගෝල බවට ප්‍රවර්තනය කරමින් හැව්ලොක්ස් පිලේ ලකුණු සංඛ්‍යාව 14-0 කින් ඉහළ දැමීමට රීසා මුබාරක් සමත්විය. එහෙත් සටන්කාමී අයුරින් තරග වැදුණු ගුවන් හමුදා පිල වෙනුවෙන් පළමු භාගයේ අවසන් මොහොතේදී ඉෂාර මධුෂාන් තැබූ උත්සාහක දිනුමක් චරිත් සෙනෙවිරත්න විසින් ගෝලයක් බවට ප්‍රවර්තනය කරන ලදි. ඒ සමගින් ලකුණු තත්ත්වය 14 - 07 ක් විය.

ඉන් නොනැවතුණු ගුවන් හමුදා පිල දෙවැනි භාගයේ ආරම්භයේ සිටම අලුත්ම සැලසුමකට අනුව ක්‍රීඩා කිරීම කැපී පෙනුණි. එහි ප්‍රතිඵලය වූයේ දෙවැනි භාගයේ පළමු මිනිත්තු 20 ඇතුළත ප්‍රතිවාදී හැව්ලොක්ස් පිල අන්දමන්ද කරමින් එකවරම තරගයේ පෙරමුණ ගැනීමය.

දෙවැනි භාගයේ මුලදීම ලද දඬුවම් පහරක්  සාර්ථක කරගත් රීසා මුබාරක් හැව්ලොක්ස් පිලේ ලකුණු සංඛ්‍යාව 17 දක්වා ඉහළ දැමීය. ස්වල්ප වේලාවකට පසුව චරිත් සෙනෙවිරත්න දඬුවම් පහරක් සාර්ථක කරමින් ගුවන් හමුදා පිලේ ලකුණු සංඛ්‍යාව 10 දක්වා ඉහල දැමුවේය.

එහෙත් ඊළඟ මොහොතේ හැව්ලොක්ස් පිල අන්දමන්ද කළ ගුවන් හමුදා පිලේ සූර්ය ක්‍රිෂාන් තැබූ විශිෂ්ට උත්සාහක දිනුමක් නිසා තරගය උඩුයටිකුරුවීමේ පෙරනිමිති පහළවීමට පටන් ගත්තේ ලකුණු 17-15 කින් පරතරය අඩුවීමෙනි. එය තවත් තිව්‍ර කරමින් චරිත් සෙනෙවිරත්න දඬුවම් පහරක් සාර්ථක කරමින් ගුවන් හමුදා පිල ලකුණු 18-17 කින් ඉහළට ඔසවා තැබුවේය.

එහෙත් ඉන්පසුව ජයග්‍රහණය තෙක් පසුපස නොබැලු හැව්ලොක්ස් පිල දුෂ්මන්ත ප්‍රියදර්ශන සහ චාමර දාබරේ පිට පිට තැබූ සටන්කාමී උත්සාහක දිනුම් දෙකකින් තරගයේ පාලනය සියතට ගත්තේය. ඉන් පළමු උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්තනය කිරීමට මුබාරක් සමත්විය. ඒ අනුව තරගයේ අවසන් මිනිත්තු කිහිපය එළැඹෙද්දී ලකුණු 29-18 කින් පෙරමුණ ගත් හැව්ලොක්ස් පිල සැනසුම් සුසුම් හෙලුවේය.

අවසන් මොහොතේ අස්මීර් ෆාජුඩීන් තැබූ උත්සාහක දිනුමෙන් හැව්ලොක්ස් පිලේ ජයග්‍රහණය තහවුරු කෙරිණි.

සති අන්ත රග්බි තරග බිමෙන්...

ඡායාරූප - වරුණ කරුණාසේකර

- 077


අදහස් (0)

හැව්ලොක්ස්ට 34 - 18 ක පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.