Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හැව්ලොක්ස්ට 37-12 ක ජයක්

හැව්ලොක්ස්ට 37-12 ක ජයක්

ශනුක අරවින්ද - 2016 නොවැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප‍්‍රසාද් මධුසංඛගේ සහ දුලාජ් පෙරේරාගේ අගනා දස්කම් හේතුවෙන් සෙනසුරාදා පස්වරුවේ පොලිස් කී‍්‍රඩා සමාජයට එරෙහිව පැවැති අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගයකදී ලකුණු 37-12 ක පහසු ජයක් වාර්තා කිරීමට හැව්ලොක්ස් කී‍්‍රඩා සමාජය සමත්විය. ජයග‍්‍රාහී හැව්ලොක්ස් පිල ලැබූ ලකුණු සංඛ්‍යාවට ගෝල් 4 ක් සහ දඩුවම් පහර 3 ක් ඇතුළත් වූ අතර පොලිස් කණ්ඩායමට රැස් කිරීමට හැකිවූයේ ගෝලයක් සහ උත්සාහක දිනුමක් පමණි.

හැව්ලොක්ස් පිල ආරම්භයේ සිටම තරගයේ පාලනය සියතට ගත් අතර ප‍්‍රසාද් මධුසංඛ උත්සාහක දිනුම් දෙකක් තැබීමට සමත්විය. තරගයේ කාර්යබහුලතම කී‍්‍රඩකයා වූ දුලාජ් පෙරේරා උත්සාහක දිනුම් 4 ක්ම ගෝල බවට පත් කිරීටමත්, දඩුවම් පහර 3 ක් සාර්ථකව නිමා කිරීමටත් සමත්විය.

දඩුවම් පහරක් සාර්ථක කරමින්  සිය කණ්ඩායමට ලකුණු ලබාගැනීමේ ආරම්භය දුන් දුලාජ් ඉන් මඳ වේලාවකට පසුව චාමර දාබරේ තැබූ උත්සාහක දිනුමක් සාර්ථකව ගෝලයක් බවට ප‍්‍රවර්ථනය කළේ හැව්ලොක්ස් පිලේ ලකුණු සංඛ්‍යාව 10-0 කින් ඉදිරියට ගෙන යමිනි.

තවත් දඩුවම් පහරක් සාර්ථක කරගත් හෙතෙම ප‍්‍රසාද් මධුසංඛ තැබූ අනර්ඝ උත්සාහක දිනුමක් ගෝලයක් බවට ප‍්‍රවර්ථනය කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 20-0 ක් දක්වා ඉහළට ඔසවා තැබූවේය. පළමු භාගය නිමාවීමට පෙර තවත් දඩුවම් පහරක් සාර්ථක

කරගත්තේන් ලකුණු  23-0 ලෙස තරගයේ විවේකයේදී ඉදිරියෙන් සිටීමට හැව්ලොක්ස් කී‍්‍රඩකයෝ සමත් වූහ.

දෙවැනි භාගයේ ආරම්භයේ දීම ප‍්‍රසාද් සිය දෙවැනි උත්සාහක දිනුම තැබීමට සමත්වූ අතර එය ගෝලයක් බවට පත් කරමින් හැව්ලොක්ස් පිලේ ලකුණු සංඛ්‍යාව 30-0 කින් ඉදිරියට ගියේය.

ඊට මිනිත්තු කිහිපයට පසුව පොලිස් පිලේ ජොයෙල් පෙරේරා උත්සාහක දිනුමක් තබමින් සිය කණ්ඩායමේ ලකුණු ලබාගැනීම ආරම්භ කළ අතර එය ගෝලයක් බවට පත් කිරීමට රාජිත සන්සෝනි සමත්විය.

මොහොතකට පසුව නිෂෝන් පෙරේරා තැබූ අනගි උත්සාහක දිනුමක් ගෝලයක් බවට ප‍්‍රවර්ථනය කිරීමට දුලාජ් සමත්වීමත් සමග ලකුණු 37-7 කින් ඉදිරියට යාමට හැව්ලොක්ස් පිල සමත්විය.

මිනිත්තු කිහිපයකට පසුව පොලිස් පිලේ සුජාන් කොඩිතුවක්කු උත්සාහක දිනුමක් තැබීමට සමත්වූවත් තරගයේ වෙනසක් කිරීමට එය ප‍්‍රමාණවත් වූයේ නැත.

ඡායාරූප : ගයාන් අමරසේකර

 


අදහස් (0)

හැව්ලොක්ස්ට 37-12 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.