Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හෙල්ල විසිකිරීමෙන් තවත් ලෝකඩ පදක්කමක්

හෙල්ල විසිකිරීමෙන් තවත් ලෝකඩ පදක්කමක්

editorial - 2021 අගෝ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී අද (30) දිනයේ ශ්‍රී ලංකාවට දෙවැනි පදක්කම දිනාදුන් සමිත දුලාන් කොඩිතුවක්කු හෙල්ල විසිකිරීම (පිරිමි) එක් පාදයක් දණහිසට පහළින් අහිමි තත්වයෙන් මීටර 65.61 කට ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය.

එය කළින් පැවැති ලෝක වාර්තාවද අභිබවා යාමකි.  

සිය සිව්වැනි උත්සාහයේදී මීටර 65.61 ක දුරක් හෙල්ල විසිකළ 31 හැවිරිදි සමිතට ලෝකඩ පදක්කම හිමිවිය.

තරගකරුවන් 10 දෙනෙකු අතරින් ඕස්ටේ්‍රලියාවේ මයිකල් බේරියන් මීටර 66.29 කට මෙහි රිදී පදක්කම දිනාගත්තේය.

ශ්‍රී ලංකා ක්‍රීඩක සමිත දුලාන් සිය උත්සාහයන් පහේදී සිය දක්ෂතා වර්ධනය කළ අතර ඉන්දීය ක්‍රීඩක සුමිත් මීටර 68.08 ක දක්ෂතාවයක් පළකරමින් මෙම ඉසව්වේ රන්පදක්කම දිනාගත්තේ තමන්ටම හිමිව තිබූ ලෝක වාර්තාව දෙවතාවක්ම අලුත් කරමිනි.

මෙම ඉසව්වට ශ්‍රී ලංකාව වෙනුවෙන් තරගවැදුණු චමින්ද සම්පත් හෙට්ටිආරච්චිගේ දක්ෂතා මීටර 49.94 කට සීමාවුණු අතර ඔහුට 9 වැනි ස්ථානය හිමිවිය.   

 


අදහස් (0)

හෙල්ල විසිකිරීමෙන් තවත් ලෝකඩ පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.