Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ සාජා ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද (18) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට පාකිස්තානු පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 291 ක් රැුස්කර ශ‍්‍රී ලංකාවට වඩා තවත් ලකුණු 137 ක් පසු පසින් සිටියේය.
දිනය අවසන් වන විට නායක මිස්බා උල් හක් ලකුණු 36 ක් රැස්කර කඩුල්ලේ රැදී සිටියේය.
පාකිස්තානු පිල දිනය අවසන් වීමට ඕවර 18 ක් ඉතිරිව තිබියදී ලකුණු 229 සම්පූර්ණ කරමින් පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහරදීමේ අවදානමෙන් ගැලවිණි.
රංගන හේරත් දිනයේ අවසන් ඕවරයේ තෙවැනි පන්දුවේදී සෆ්රාෂ් අහ්මඞ් හයවැනි කඩුල්ල ලෙස දවා ගනිමින් ශ‍්‍රී ලංකා පිල ඉදිරියට ගෙන ආවේය. හේරත් ලකුණු 88 කට කඩුලූ 3 ක් දවා ගැනීමට සමත්ව සිටියේය.
අහ්මඞ් ශෙෂාඞ් හොද ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 275 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 147 ක් රැස්කර සිටියදී අනවශ්‍ය පහරකට යෑමෙන් දැවී ගියේය. මෙය 22 හැවිරිදි ශෙෂාඞ්ගේ පළමු ටෙස්ට් ශතකයයි.
අහ්මඞ් ශෙෂාඞ් සහ මිස්බා උල් හක් වේගවත් පිතිහරඹයකට අවතීරණ වෙමින් ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවිමේ උත්සාහයක නිරත වන ආකාරය පස්වරුවේ දැකගත හැකිවිය. එහි ප‍්‍රතිඵලයක් ලෙස අහ්මඞ් ශෙෂාඞ් රිවර් ස්විප් පහරක් ගැසීමට ගොස් දැවී ගියේය.
සාජා තණතීරුව අද දිනය පුරාම පන්දු යවන්නන්ට වාසිදායක නොවූ අතර නායක ඇන්ජලෝ මැතිව්ස් පෙරවරුවේ සිටම විවිධ වෙනස්කම් කරමින් පාකිස්තානු පිතිකරුවන්ට පීඩනය යොමු කිරීමට කටයුතු කළ ආකාරය දැකගත හැකි විය.
කුරාම් මන්ෂූර් සිය හත්වැනි ටෙස්ට් අර්ධ ශතකය ලෙස පන්දු 125 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 52 ක් ලබා සිටියදී පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය. ඩිල්රුවන් පෙරේරා සිය ටෙස්ට් ක‍්‍රිකට් දිවියේ මංගල කඩුල්ල ලෙස අසාර් අලී (08) පිටියෙන් ඉවත් කරමින් ලකුණු 149 කට කඩුලූ දෙකක් බවට පත් කළේය.
රංගන හේරත්ගේ පන්දුවකට ප‍්‍රසන්න ජයවර්ධන උඩ පන්දුවක් රැක ගැනීමෙන් පාකිස්තානු පිලේ ජ්‍යෙෂ්ඨතම පිතිකරු වන යුනිස් ඛාන්ගේ ඉනිම ලකුණු 17 කට සීමා විය.
පාකිස්තානු ආරම්භක පිතිකරුවන් වන කුරාම් මන්ෂූර් සහ අහ්මඞ් ශෙෂාඞ් ලකුණු 114 ක සම්බන්ධතාවක් පවත්වමින් පාකිස්තානු පිල මත පැටවී තිබූ දැඩි පීඩනයෙන් ගලවා ගැනීමට සමත් වූහ.
තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (17) ශ‍්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 9 ක් දැවී ලකුණු 428 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීය.
ඊයේ පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට පාකිස්තානු පිල කිසිවකු නොදැවී ලකුණු 19 ක් රැස්කර සිටියේය.
හෙට (19) තරගයේ සිවුවැනි දිනයයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.