Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු කොරියාවේ ඉන්චියොන් නුවර නැම්ඩොන්ග් රග්බි ක්‍රීඩාංගණයේ අද ආරම්භ වූ ආසියානු සත් සාමාජික රග්බි දෙවැනි අදියරේ තරගාවලියේ පළමු දිනයේ අවසන් තරගයේදී උත්සාහක දිනුම් හතරකින් චීන තායිපේ පිල පසුපසට ඇද දැමූ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම ලකුණු 26-24 ක ජයක් වාර්තා කිරිමට සමත් විය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිල ‘ඒ ‘කාණ්ඩයේ තුන්වැනි තැනට පත්වීම නිසා හෙට (24 වැනිදා) පැවැත්වෙන කුසලාන වටයේ අර්ධ අවසන් පූර්ව තරගයේදී ‘බී‘ කාණ්ඩයේ දෙවැනි තැන සිටින හොං කොං කණ්ඩායම සමග තරග වැදීමට සිදුවී තිබේ.
පසුගියදා හොං කොං නුවර පැවැති පළමු අදියරේ තරගාවලියේ දෙවැනි ස්ථානය අත්කර ගත් ප්‍රබල හොං කොං පිල වේලාසනින්ම මුණගැසීමට සිදුවීම කුසලානය සඳහා වන අවසන් පූර්ව තරග වටයට එක්වීමේ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට නම් එතරම් ගුණදායක නැත. මේ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පෙරවරු 7.58 ට ආරම්භ වෙයි.
අද ආරම්භ වූ මේ තරගාවලියේ මූලික වටයේ සිය පළමු තරගය ජපනුන් හමුවේ පරාජය වීමෙන් අනතුරුව චීන කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වූයේය. පසුව මූලික වටයේ අවසන් තරගයේදී චීන තායිපේ පිල පරාජයට පත් කළේ ගෝල් 3 ක් සහ උත්සාහක දිනුමක් මගිනි.
විශිෂ්ට දස්කම් පෑ ජේසන් දිසානායක උත්සාහක දිනුම් දෙකක් තැබීමට සමත්වූ අතර ධනුෂ්ක රන්ජන් සහ තරින්ද රත්වත්ත එක් උත්සාහක දිනුම බැගින් තැබූහ. මේ උත්සාහක දිනුම් අතරින් 3 ක්ම ගෝල් දිනුම් බවට ප්‍රවර්ථනය කිරීමට තරින්ද රත්වත්ත සමත් වූයේය.
කුසලාන වටයේ අර්ධ අවසන් පූර්ව තරග සටහන
■ ශ්‍රී ලංකාව සහ හොං කොං අතර
■ ජපානය සහ පිලිපීනය අතර
■ චීන තායිපේ සහ දකුණු කොරියාව අතර
■ මැලේසියාව සහ චීනය අතර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.