Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාදයේ කලව පිටුපස මස්පිඬුව ආබාධයකට ලක්වීම හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරත් ආපසු ශ්‍රී ලංකාවට එවීමේ අවදානමක් මතුවී තිබේ. එසේ වුවහොත් ඕස්ට්‍රේලියානු සංචාරයේ සිට ගෙදර එවන දෙවැනි ශ්‍රී ලාංකික වේග පන්දු යවන්නා ළහිරු කුමාර වනු ඇත.
නිමාවූ බ්‍රිස්බේන් ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී ළහිරු කුමාර පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසියේද නැත.
පාදයේ කලව පිටුපස ආබාධය හේතුවෙන් බ්‍රිස්බේන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ සිකුරාදා රාත්‍රී ආහාර විවේකයෙන් පසුව පන්දු යැවීමට ළහිරු කුමාරට නොහැකි විය. ඒ සම්බන්ධයෙන් ස්කෑන් පරීක්‍ෂණයක් අද පැවැත්වීමට නියමිතය.
පාදයේ කලව පසුපස මස්පිඬුවේ ආබාධ හේතුවෙන් මාසයක කාලයක් ඇතුළත ඉදිරි පෙළ ක්‍රීඩකයෝ තිදෙනෙක්ම ශ්‍රී ලංකා පිලට අහිමි වූහ.
නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවරදී පැවැති ටෙස්ට් තරගයේදී කලව පිටුපස මස්පිඬුවේ ආබාධයකට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස්ටත් ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය අහිමි විය. ඕස්ට්‍රේලියාවේ පැවැති පුහුණු තරගයකදී කලව පිටුපස ආබාධයකට ලක්වූ නුවන් ප්‍රදීප් ආපසු ශ්‍රී ලංකාවට එවූ අතර වමතින් වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු ඕස්ට්‍රේලියාවේ සිටින ටෙස්ට් සංචිතයට ඇතුළත් කරන ලදි.
කලව පිටුපස ආබාධයට මුහුණ දීමට පෙර නුවන් ප්‍රදීප්ට ඕස්ට්‍රේලියාවේදී යැවිය හැකිවූයේ ඕවර දෙකක් පමණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.