Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ළහිරු - පසිඳු සටන ගෙන යති
2 වැනි නිල නොවන ටෙස්ට් තරගය

ළහිරු - පසිඳු සටන ගෙන යති

editorial - 2024 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

දකුණු අප්‍රිකාවේ බෙනොනි නුවරදී පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයේදීත් සටන අත නොහැර පවත්වාගෙන යමින් සිටින ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ තරගයේ දෙවැනි දිනය වූ සඳුදා (16 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 134 ක් ලබාගෙන සිටියහ. දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 334 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කඩුලු 8 ක් අතැතිව ලකුණු 200 ක් පසුපසින් සිටී. 

දකුණු අප්‍රිකානුවන්ගේ ඉනිම ලකුණු 334 කට සීමා කිරීමේදී එෂාන් මාලිංග (68/3) සහ සොනාල් දිනූෂ (48/3) සංචාරකයන් වෙනුවෙන් වැඩි මෙහෙවරක් කළහ. 

ශ්‍රී ලංකා ‘ඒ’ මුල් ඉනිමේදී පවන් රත්නායක දැවී යාමත් සමගින් ලකුණු පුවරුවේ 57 කට කඩුලු 2 ක් ලෙසින් සටහන් වූ අතර තරගයේ වාසිය සත්කාරකයන් වෙත ඇදෙන්නට විය. 
එහෙත් ඊට අවසර නොදුන් නායක පසිඳු සූරියබණ්ඩාර (නොදැවී 43)  සහ ආරම්භක පිතිකරු ළහිරු උදාර (නොදැවී 61) එක්ව ලකුණු සංඛ්‍යාව ඉදිරියට ගෙන යමින් තරගය සමබර කළහ. 

දෙවැනි සහ තුන්වැනි නිල නොවන එක්දින තරග දෙකේදීම පිළිවෙලින් ලකුණු 86 ක් සහ 90 ක් ලබාගත් නායක පසිඳු සූරියබණ්ඩාර තවත් දිගු ඉනිමකට සූදානම් වෙමින් සිටියේ මුහුණ දුන් පන්දු 73 කින් 6 ක් හතරේ සීමාවට යවමිනි. ඉනිම ආරම්භයේ සිටම තම වගකීම අකුරටම ඉටුකරමින් සිටි ළහිරු උදාර, මුහුණ දුන් පන්දු 110 න් 9 ක් හතරේ සීමාවට යවා තිබිණ. 


දකුණු අප්‍රිකානු ‘ඒ’ - පළමු ඉනිම 334 යි
(ෂේපෑන්ග් ඩිතෝල් 27, නීල් බ්‍රෑන්ඩ් 129, මාක් ඇකර්මන් 37, ඩිවෝල්ඩ් බ්‍රෙවිස් 49, මිලාලි පොන්ගව්නා 12, රිවැල්ඩෝ මූන්සාමි 11, බේයර්ස් ස්වෝන්පෝල් 34, මිගෙල් ප්‍රිටෝරියස් 19, ඉසිත විජේසුන්දර 60/2, එෂාන් මාලිංග 68/3, සොනාල් දිනූෂ 48/3)

ශ්‍රී ලංකාව - පළමු ඉනිම කඩුලු 2 ට 134 යි
(ළහිරු උදාර 61, නුවනිඳු ප්‍රනාන්දු 11, පවන් රත්නායක 15, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 43)


විග්‍රහය - ක්‍රික් ඉන්ෆෝ ලකුණු පුවරුව ඇසුරිනි


අදහස් (0)

ළහිරු - පසිඳු සටන ගෙන යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.