Last Update  :  2024-12-26 20:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ළහිරු කුමාර සංචිතයට කැඳවයි
එක්දින තරගාවලිය

ළහිරු කුමාර සංචිතයට කැඳවයි

editorial - 2024 දෙසැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා වේග පන්දු යවන ළහිරු කුමාර කැඳවා තිබේ. කිසියම් කණ්ඩායමන් ක්‍රිකට් තරගාවලියක් සඳහා නවසීලන්තයට යාමේදී වේග පන්දු යවන්නන් හතර පස් දෙනකු කැඳවාගෙන යාම සම්ප්‍රදායකි. ශ්‍රී ලංකා පිතිකරු ලයිස්තුවේ සිටින ජනිත් ලියනගේත් සමගින්  මෙවර ශ්‍රී ලංකා එක්දින සංචිතයට වේග පන්දු යවන්නෝ හය දෙනෙක් ඇතුළත්ව සිටිති. 

නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැති එක්දින තරගාවලියේ තුන්වැනි තරගය සඳහා සංචිතයට ඇතුළත් කළ නමුත් එෂාන් මාලිංගට එහිදී අවස්ථාවක් නොලැබිණ. තවමත් අන්තර්ජාතික තරග සඳහා කෝඩුකාරයකු වන නමුත් පැයට කිලෝ මීටර 140 ට ආසන්න වේගයකින් පන්දු යවන එෂාන් මාලිංග මෙවර එක්දින සංචිතයට ඇතුළත් කර තිබේ. 

ළහිරු කුමාර සංචිතයට එක්වීමේදී ඩිල්ෂාන් මධුංකට ස්ථානය අහිමි විය. නිසි ඉලක්කයකින් තොරව පන්දු යැවීම හේතුවෙන් වමත් වේග පන්දු යවන්නා සිය අවසන් එක්දින තරග 3 දී ඕවර 11 කින් ලකුණු 112 ක් පූජා කර ඇතත් දවාගෙන ඇත්තේ කඩුලු 4 ක් පමණි. 

පිතිකරුවන් අතුරින් සධීර සමරවික්‍රමට ස්ථානය අහිමි වී තිබේ. සධීර සමරවික්‍රම සිය අවසන් එක්දින ඉනිම 10 න් ලබාගෙන ඇත්තේ ලකුණු 109 කි. 

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර එක්දින තරගාවලිය ජනවාරි මස 5 වැනිදා වෙලිංටන් නුවරදී අරම්භ වේ. දෙවැනි තරගය ජනවාරි 8 වැනිදා හැමිල්ටන් නුවරදීත්, තුන්වැනි තරගය ජනවාරි 11 වැනිදා ඕක්ලන්ඩ් නුවරදීත් පැවැත්වේ. 

ශ්‍රී ලංකා එක්දින සංචිතය 
චරිත් අසලංක (නායකයා), පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, නිශාන් මධුෂ්ක, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, නුවනිඳු ප්‍රනාන්දු, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්‍ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, චමිඳු වික්‍රමසිංහ, අසිත ප්‍රනාන්දු, මොහොමඩ් ශිරාස්, ළහිරු කුමාර සහ එෂාන් මාලිංග


අදහස් (0)

ළහිරු කුමාර සංචිතයට කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.