Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුස්සන් තේරීම සඳහා සිම්බාබ්වේහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරගය අතරතුර ආබාධ තත්වයක් හේතුවෙන් පිටියෙන් ඉවත්ව ගිය ශ්රී ලංකා වේග පන්දු යවන ක්රීඩක ළහිරු කුමාරට, තරගාවලියේ සෙසු තරගවලට සහභාගිවීමේ අවස්ථාව අහිමිවී ඇත.
නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරගයේ මුල් ඕවර කිහිපය යැවීමේදී ළහිරු ඇලපතේ අබාධයකට ලක්ව ඇති අතර තවමත් ඔහු එම ආබාධ තත්වයෙන් සුවය ලබමින් සිටියි. ඒ අනුව ඔහු ඉදිරි දිනයකදී යළිත් ශ්රී ලංකාවට පැමිණීමට නියමිතය. සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ තරග 6 කදී කඩුලු 8 ක් බිඳහෙළීමට ළහිරු සමත් විය.
ළහිරුගේ හිදැස පිරවීම සඳහා අතිරේක ක්රීඩකයකු ලෙස නම් කර සිටි තුන් ඉරියව් ක්රීඩක සහන් ආරච්චිගේ ශ්රී ලංකා සංචිතයට ඇතුළත් කර ඇති අතර ඒ සඳහා තරගාවලියේ තාණ්ෂණික කමිටුවේ අනුමැතියද හිමිව තිබේ. මේ දක්වා පළමු පෙළ එක්දින තරග 66 කට ක්රීඩා කර ඇති සහන් එහිදී ලකුණු 1454 ක් රැස්කරමින් කඩුලු 38 ක් බිඳහෙළීමට සමත්වී ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.