Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ෆිෆා පරිගණක දත්ත පොලිසිය බාරයට

ෆිෆා පරිගණක දත්ත පොලිසිය බාරයට

ශනුක අරවින්ද - 2015 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

2018 හා 2022 වසරවල පාපන්දු ලෝක කුසලාන සත්කාරකත්වය රුසියාවට හා කටාර් රාජ්‍යයට ලබාදීමේ දී කි‍්‍රයාපටිපාටිය පිළිබඳ පරීක්ෂණ කරන ස්විට්සර්ලන්ත බලධාරීන්ට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය සිය පරිගණක දත්ත බාර දී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ස්විට්සර්ලන්තයේ සූරිච් නුවර පිහිටි අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ මූලස්ථානයේ ඇති පරිගණක දත්ත සියල්ල මේ ආකාරයෙන් පොලිස් බාරයට ගෙන ඇතැයි ද එම තොරත--ුරු අතර හිටපු සභාපති සෙප් බ්ලැටර් මහතාගේ තොරතුරුද ඇතැයි බී.බී.සි පුවත් සේවය වාර්තා කර තිබුණි.

බලධාරීන් සමග පූර්ණ සහයෝගයෙන් කටයුතු කරන බව මෙම තොරත-රු ලබාදෙමින් අන්තර්ජාතික පාපන්දු සම්මේලනය ප‍්‍රකාශ කර ඇත.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලිවල සත්කාරකත්වය අදාළ රටවලට ලැබුණේ කෙසේ ද යන්න පිළිබඳ පරීක්ෂණ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින පසුගිය මැයි මාසයේදී ස්විට්සර්ලන්ත පොලිසීය පවසා තිබුණි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශයද (එෆ්.බී.අයි) අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සිදුව ඇතැයි කියන වංචා, දූෂණ හා අක‍්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන යන මේ වනවිටත් ඒම චෝදනාවලට ලක්ව සිටින පුද්ගලයන් 14 දෙනකු අත්අඩංගුවට ගැනීමට ද කටයුතු කර ඇත. ඉන් පුද්ගලයන් 9 දෙනකු අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ හිටපු හා වත්මන් නිලධාරීන් වීම ද සුවිශේෂි කරුණකි.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ මහ ලේකම් ජෙරමි වැල්කේ  හා සංවිධානයේ මූල්‍ය ප‍්‍රධානියා වන මාර්කස් කාට්නර් යන මහත්වරුන්ගේ කාර්යාලවල පරිගණක දත්තද ස්විට්සර්ලන්ත පොලිසියේ බාරයට ගෙන ඇතැයි වාර්තා වේ.

දැනට සිදුවන පරීක්ෂණ පැවැත්වෙන්නේ 2018 හා 2022 පාපන්දු ලෝක කුසලානවල සත්කාරකත්වය පිළිවෙළින් රුසියාවට හා කටාර් රාජ්‍යයට ලබාදීමේදී මුදල් අවභාවිතයක් සිදු වූයේද දැයි අනාවරණය කර ගැනීමේ අරමුණෙනි. කෙසේ වෙතත් රටවල් දෙකම වරදක් කර ඇති බවට එල්ල වන චෝදනා ප‍්‍රතික්ෂේප කරයි.

මෙම සිදුවීමේ හේතුවෙන් 2026 පාපන්දු ලෝක කුසලානය සත්කාරකත්වය ලබාදීමේ ලංසු තැබීම කල් තැබීමට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය කටයුතු කර ඇත. මේ සියල්ල අතර 2026 පාපන්දු ලෝක කුසලාන සත්කාරකත්වය කාට ලබා දෙන්නේ දැයි සොයා බැලීම අර්ථශූන්‍ය හා පිස්සු වැඩක් යැයි අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ මහ ලේකම් වැල්කේ මහතා පැවසීය.

සෙප් බ්ලැටර් මහතා පසුගිය සතියේදී අක‍්‍රමිකතා හ වංචා සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා හමු වූ අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපතිධුරයෙන් ඉල්ලා අස් වූ අතර ඉන් පුරප්පාඩු වූ තනතුරට පුද්ගලයකු එළැඹෙන දෙසැම්බර් 16 වැනි දා පැවැත්වෙන නිලවරණයෙන්  පසු පත්කරගනු ඇතැයි වාර්තා වේ.

-055


අදහස් (0)

ෆිෆා පරිගණක දත්ත පොලිසිය බාරයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.