Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ​කොදෙව්වෝ ශ්‍රී ලංකාව පරදවති
මාස්ටර්ස් ලීග් තරගාවලිය

​කොදෙව්වෝ ශ්‍රී ලංකාව පරදවති

editorial - 2025 මාර් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ රායිපූර් නුවරදී ඊයේ (14 වැනිදා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී දිනේෂ් රැම්ඩීන් ලබාගත් වේගවත් අර්ධ ශතකයක් සහ බ්‍රයන් ලාරාගේ සාර්ථක පිතිහරඹයත් නිසා ලකුණු 06 කින් ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ කණ්ඩායම පරාජය කළ කොදෙව්වෝ අන්තර්ජාතික මාස්ටර්ස් ලීග් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.

අන්තර්ජාතික මාස්ටර්ස් ලීග් තරගාවලියේ අවසන් මහ තරගය හෙට (16 වැනිදා) සචින් තෙන්ඩුල්කාර්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය ප්‍රවීනයන්ගේ කණ්ඩායම සහ බ්‍රයන් ලාරාගේ නායකත්වයෙන් යුත් කොදෙව් ප්‍රවීනයන්ගේ කණ්ඩායම අතර රායිපූර් නුවර ෂහීඩ් වීර් නාරායන් සිං ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

ශ්‍රී ලංකා ප්‍රවීනයන් හමුවේ සාර්ථක පිතිහරඹයක නිරත වූ බ්‍රයන් ලාරා වසර ගණනාවකට පෙර පැවැති සිය පිතිහරඹයේ මතක අලුත් කරමින් අලංකාර ලකුණු 41 ක් ලබාගත්තේය. පසුව පැමිණි දිනේෂ් රැම්ඩින් ලබාගත් ප්‍රහාරාත්මක ලකුණු 50 නිසා කොදෙව්වෝ නියමිත ඕවර 20 නිමාවේදී කඩුලු 5 කට ලකුණු 179 ක් ලබාගත්හ. 

ලකුණු 180 ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ ඉදිරිපෙළ කඩුලු 6 ක් ලකුණු 97 කට බිඳ වැටිණ. ටිනෝ බෙස්ට්ගේ (27/4) සහ ඈෂ්ලි නර්ස්ගේ (25/1) පන්දු යැවීම හමුවේ කඩා වැටුණු ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ ඉනිම එතැනින් ගොඩගත නොහැකි විය. ඕවර 20 ක් නිමාවේදී ශ්‍රී ලංකා ප්‍රවීනයන්ට ලබාගත හැකිවූයේ ලකුණු 173 ක් පමණි. 

 

කොදෙව් ප්‍රවීනයෝ - ඕවර 20 කදී කඩුලු 5 ට 179 යි
(විලියම් පර්කින්ස් 24, ලෙන්ඩ්ල් සිමන්ස් 17, බ්‍රයන් ලාරා 41, චැඩ්වික් වෝල්ටන් 31, ඩිනේෂ් රැම්ඩින් නොදැවී 50)

ශ්‍රී ලංකා ප්‍රවීනයෝ  - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 173 යි
(උපුල් තරංග 30, කුමාර් සංගක්කාර 17, අසේල ගුණරත්න 66, ඉසුරු උදාන 21, ඩිල්රුවන් පෙරේරා 11, ටිනෝ බෙස්ට් 27/4, ඩ්වේන් ස්මිත් 27/2)


- 213


අදහස් (0)

​කොදෙව්වෝ ශ්‍රී ලංකාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.