Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ‘ගජබා සුපර් ක්‍රොස්’ තරගාවලිය අනිද්දා

‘ගජබා සුපර් ක්‍රොස්’ තරගාවලිය අනිද්දා

ශනුක අරවින්ද - 2016 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියැදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව 15 වැනි වරටත් සංවිධානය කරන ‘ගජබා සුපර් ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය හෙට (28 වැනිදා) වැනිදා පෙරවරු 9.00 සිට සාලියපුර, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන ධාවන පථයේදී පැවැත්වේ.

දක්ෂතම මෝටර් රථ රියැදුරා තොරාගනු ලබන එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ මෝටර් රථ තරග දෙක සඳහා කී‍්‍රඩකයන් 14 දෙනෙක්ද, දක්ෂතම යතුරුපැදිකරුවා තොරාගනු ලබන එම්. එක්ස්. කාණ්ඩයේ යතුරුපැදි තරග සඳහා කී‍්‍රඩකයන් 12 දෙනෙක්ද මෙවර තරගාවලියට ලියාපදිංචි වී සිටින බව ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියැදුරන්ගේ සංගමයේ සභාපති මහේෂ් ගම්මන්පිල මහතා ‘ලංකාදීප’ යට පැවසීය.

කෙකේ වුවත් ඉකුත් වසරේ පැවැති තරගාවලියේදී දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්වූ අශාන් සිල්වා සහ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වූ ජැක් ගුණවර්ධන දෙදෙනාම මෙවර තරගාවලියට සහභාගි නොවන බව වාර්තා වේ.

මෙවර දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්වීම සඳහා තරග වදින කී‍්‍රඩකයන් අතර උෂාන් පෙරේරා, පසුඳු පීරිස් සහ ජනක ඩයස් ඉදිරියෙන් සිටින අතර දක්ෂතම යතුරුපැදිකරුවා වීම සඳහා තරග වදින කී‍්‍රඩකයන් අතර ඉෂාන් දසනායක, ෂෙහාන් සී. අධිකාරි සහ ගයාන් සඳරුවන් පෙරමුණේ පසුවෙති.

මෙම තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ශූරතා දිනාගැනීමට ඉෂාන් දසනායක සමත් වුවහොත් එය ඔහු මේ වසරේදී පිට පිටම අත්කරගන්නා 5 වැනි යතුරුපැදි ශූරතාව වනු ඇත.

සියැට් - ස්ලාඩා ශූරතාවලියේ මෙතෙක් පැවැති යතුරුපැදි තරගාවලි තුනේදීම (නරියාකන්ද සුපර්ක්‍රොස්, සීගිරිය රැුළික්‍රොස් සහ ගනර් සුපර්ක්‍රොස්) දක්ෂතම යතුරුපැදිකරුවා බවට සිටින ඉෂාන් දසනායක, ඉන් පසුව පැවැති සියැට් - ස්ලාඩා ශූරතාවලියට අයත් නොවන ‘කැවල්රි සුපර්ක්‍රොස්’ සහ ‘විජයබාහු මොටෝක්‍රොස්’ යන තරගාවලි වලදීද දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන ලැබීය.

එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ මෝටර් රථ තරග 2 සහ එම්. එක්ස්. කාණ්ඩයේ යතුරුපැදි තරග 2 ද ඇතුළත්ව ඉසව් 23 කින් මෙවර තරගාවලිය සමන්විත වේ. ඊට මෝටර් රථ තරග 11 ක් සහ යතුරුපැදි තරග 12 ක් ඇතුලත්ය.

මෙවර තරගාවලිය සඳහා මෝටර් රථ රියැදුරන් 88 ක් සහ යතුරුපැදිකරුවන් 122 ක් සහභාගි වීමට නියමිතය. ඉන්දීය යතුරුපැදිකරුවන් දෙදෙනක්ද ඊට ඇතුළත්ව සිටිති. තරගාවලියේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස ගජබා රෙජිමේන්තු අධිපති මේජර් ජනරාල් සුමේධ පෙරේරා මහතා සහභාගි වීමට නියමිතය.

සියැට් සමාගම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස කටයුතු කරන අතර සම අනුග‍්‍රාහකයන් ලෙස හොණ්ඩා, කැස්පස්කී, හච් සහ ඞීමැක්ස් යන සමාගම් කටයුතු කරයි. තරගාවලියේ මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රහය විජය පුවත්පත් සමාගමෙනි.

ඡායාරූප - ශානුක අරවින්ද

 


අදහස් (0)

‘ගජබා සුපර් ක්‍රොස්’ තරගාවලිය අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.