Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රාජකීය තුරඟ තරග සමාජය සංවිධානය කරන නුවර එළිය තුරඟ තරගාවලි මාලාවේ හයවැනි අදියරේ ප්‍රධානතම තරගය වූ ක්‍රීඩා අමාත්‍යාංශ අභියෝග කුසලාන තරගය ජයගැනීමට ඒ. විෂ්වනාත් විසින් මෙහෙයවන ලද චාලමේන් (Charlmagne) අශ්වයා සමත් විය.
මීටර් 1400 ක දුරකින් සමන්විත වූ එම තරගය ජයගැනීම වෙනුවෙන් චාර්ලිමැග්න් අශ්වයාගේ හිමිකරුවා වූ ජේම්ස් මැතිව් මහතාට ක්‍රීඩා අමාත්‍යාංශ අභියෝග කුසලාන සමගින් රුපියල් දෙලක්ෂ පනස්දහසක මුදල් ත්‍යාගයක් හිමිවිය.
|
එම තරගය ජයගනිති යැයි සියලුදෙනා බලාපොරොත්තු තබා සිටි කිෂෝර් කාදම් විසින් මෙහෙයවන ලද ඇල්කසබා අශ්වයා එහි දෙවැනි ස්ථානයට පත් වූ අතර එස්. ඩී. මහේෂ් විසින් මෙහෙයවන ලද ස්පියර්හෙඞ් අශ්වයාට තෙවැනි ස්ථානය හිමිවිය.
තරගාවලියේ වඩාත් තියුණු තරගය බවට පත් වූ රාජකීය තුරඟ තරග සමාජ වෙන්දේසි කුසලාන තරගය (මීටර් 1070) ජය ගැනීමට සී. උමේෂ් විසින් මෙහෙයවන ලද ඉන්දියන් එපික් අශ්වයා සමත් විය. එහි දෙවැනි ස්ථානය කිෂෝර් කාදම් විසින් මෙහෙයවන ලද සෑන්ඞ්ස්ට්‍රෝම් අශ්වයාට හිමි වූ අතර තෙවැනි ස්ථානය එස්. සුගනාදන් විසින් මෙහෙයවන ලද කැමෝරා අශ්වයාට හිමි විය.
තරග 6 කින් සමන්විත වූ මෙම තරගාවලියේදී දීප්තිකා ජයකොඩි, ඉසිර දසනායක, රියෙන්සි එඞ්වඞ්ස්, පූර්ණි එඞ්වඞ්ස්, ඒ. එන්. අරුමපුර, අණුක සූසා, නවීන් මාධව බණ්ඩාර, ඉරුගල් බණ්ඩාර, ආනන්ද බණ්ඩාර, එම්. සුදාගර්, ආර්. එම්. සී. කේ. රාජපක්ෂ, එස්. ලෝගනාදන්, අනුර දෙල්ගොඩ සහ එස්. පෙරියසාමි යන මහත්ම මහත්මීන් හිමිකම් කියන අශ්වයෝ 35 ක් පමණ තරග වැදිණ.
මෙම තරගාවලියෙන් අනතුරුව දිවයිනේ පළමු වරට අශ්වයන් වෙන්දේසි කිරීමක් පැවැති අතර එහිදී ඉන්දියාවෙන් ගෙන්වන ලද අලූත් අශ්වයන් 14 දෙනෙකු වෙන්දේසි කෙරිණ.
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, නුවරඑළිය නගරාධිපති මහින්ද දොඩම්පේගම යන මහත්වරු තරගාවලියේ ප්‍රධාන ආරාධිතයෝ ලෙස සහභාගි වූහ.
රාජකීය තුරඟ තරග සමාජය වෙනුවෙන් මෙම තරග මාලාවේ සංවිධාන කටයුතු මෙහෙයවනු ලබන්නේ ලොව පුරා තුරඟ තරග පිටි 163 ක සේවය කර ඇති ප්‍රවීණයකු වන වේන් වුඞ් මහතා විසිනි. ඔහු කොළඹ රාජකීය තුරඟ තරග සමාජයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙසද කටයුතු කරයි.
තරග වැදුණ අශ්වයා, එම අශ්වයා මෙහෙය වූ අසරුවා සහ අශ්වයාගේ හිමිකරු යන අනුපිළිවෙලට පහත දැක්වෙන තරග ප්‍රතිඵල සටහන පෙළගස්වා තිබේ.
තරග ප්‍රතිඵල
වික්ටෝරියා තුරඟ තරග සමාජ කුසලාන (මීටර් 1070)
1 ස්ටෝමී පෙට්රල් - ඒ. විෂ්වනාත් - අංජලී අශ්වගාල
2 කොස්මොපොලිටන් - එම්. මෝහන්රාජ්- - අනුක සූසා
3 ඔගස්ටා - ෆර්හාන් අලාම් - ජේ. ආර්. ඉරුගල්බණ්ඩාර
|
සුගතදාස ක්‍රීඩාංගණ කුසලාන (මීටර් 1400)
1 ඩොන් හසා - ෆර්හාන් අලාම් - ගාමිණී ජයරත්න
2 ක්‍රිම්සන් ක්විස්ට් - එස්. සුගනාදන් - ජයරත්න අශ්වගාල
3 රෝයල් ඕක් - එම්. ක්‍රිස්ටෝපර් - හසංග ජයරත්න
|
ක්‍රීඩා අමාත්‍යංශ අභියෝග කුසලාන (මීටර් 1400)
1 චාලමේන් - ඒ. විෂ්වනාත් - ජේම්ස් මැතිව්
2 ඇල්කසබා - කිෂෝර් කාදම් - දීප්තිකා ජයකොඩි
3 ස්පියර්හෙඞ් - එස්. ඩී. මහේෂ් - රියෙන්සි එඞ්වඞ්ස්
|
රාජකීය තුරඟ තරග සමාජ වෙන්දේසි කුසලාන (මීටර් 1070)
1 ඉන්දියන් එපික් - සී. උමේෂ් - ඉසිර දසනායක
2 සෑන්ඞ්ස්ට්‍රෝම් - කිෂෝර් කාදම් - දීප්තිකා ජයකොඩි
3 කැමෝරා - එස්. සුගනාදන් - යෂිකා රාජපක්ෂ
|
රාජකීය තුරඟ තරග සමාජ නුවර එළිය කුසලාන (මීටර් 1000)
1 එයාර්බෝන් II - එස්. දසරාදන් - හසංග ජයරත්න
2 ක්වීන් ඔෆ් ද හිල් - එ. ඉෂාන් - ආර්. එම්. සී. කේ. රාජපක්ෂ
3 කාබී්‍රස් - කේ. සංජීවන් - දීප්තිකා ජයකොඩි
|
රාජකීය තුරඟ තරග සමාජ ජයග්‍රාහකයන්ගේ කුසලාන (1000)
1 සිටි ෂොට් - එස්. පුනිතිරාජ් - එස්. ලෝගනාදන්
2 රීබාත් - අශෝක් කුමාර් - වසන්ති අශ්වගාල
3 ජොනී - එම්. ඉෂාන් - ආනන්ද බණ්ඩාර
(ඡායාරූප - ශානුක අරවින්ද) |
ක්‍රීඩා අමාත්‍යාංශ කුසලාන තුරඟ තරගාවලියේ විශේෂ අවස්ථා ...
(ඡායාරූප - ශානුක අරවින්ද)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.