Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ‘නොදර්න් ග්ලැඩියේටර්ස්’ පෙරමුණ ගනී

‘නොදර්න් ග්ලැඩියේටර්ස්’ පෙරමුණ ගනී

සංජය එරමුදුගොඩ - 2013 ජුලි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගාල්ල ජාත්‍යන්තර කී‍්‍රඩාංගණයේ දී සෙනසුරාදා පැවැති ‘කාල්ටන් සුපර් සෙවන්ස්’ සත් සමාජික රග්බි තරගාවලියේ, පළමු වටයේ තරග සියල්ලම ජගනිමින් ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ෆාසිල් මරීජා මෙහෙයවන ‘නොදර්න් ග්ලැඩියේටර්ස්’ කණ්ඩායම සමත්විය.

‘නොදර්න් ග්ලැඩියේටර්ස්’ හමුවේ ‘ජැෆ්නා චැලේන්ජර්ස්’ පිල ලකුණු 26 ‐ 12 ක් ලෙසද, ‘සෙන්ට‍්‍රල් කිංග්ස්’ පිල ලකුණු 49 ‐ 07 ක් ලෙසද, ‘නෝර්ත් වෙස්ටර්න් බ්ලැක්ස්’ පිල ලකුණු 19 ‐ 05 ක් ලෙස සහ ‘ඊස්ටන් ඊගල්ස්’ පිල ලකුණු 17 ‐ 12 ක් ලෙසද පරාජය වූහ.

තාරුණ්‍යයට හෙටක් සංවිධානය හා ශ‍්‍රී ලංකා රග්බි සංගමය එක්ව සංවිධානය කරනු ලබන, අදියර දෙකකින් සමන්විත, මෙම තරගාවලිය සඳහා විදෙස් ක‍්‍රීඩකයෝ 50 ට වැඩි පිරිසක් ද සහභාගී වී සිටිති.

‘ඒ’ සහ ‘බී’ යනුවෙන් කාණ්ඩ දෙකක් යටතේ කණ්ඩායම් 10 මෙම තරගාවලියට ඉදිරිපත්ව සිටිති. ඒ අනුව සෙනසුරාදා සෑම කණ්ඩායමක්ම තමන්ගේ කාණ්ඩයේ අනෙක් කණ්ඩායම් හතර සමග තරග කළහ.

සෙනසුරාදා තරග 20 ක් පැවැත්විණ. ෂෙනාල් ඩයස් මෙහෙයවන ‘ඊස්ටන් ඊගල්ස්’ කණ්ඩායම ද ‘බී’ කාණ්ඩයයේ තරග තුනක් ජයගත් අතර ‘නෝර්දර්න් ග්ලැඩියේටර්ස්’ පිල හමුවේ පමණක් පරාජයට පත්වීමේ ප‍්‍රතිඵලය වූයේ ‘බී’ කාණ්ඩයේ අනෙක් සියලූම කණ්ඩායම් වලට ජයග‍්‍රහණ එකක් බැගින් පමණක් හිමිවීමයි.

‘සෙන්ට‍්‍රල්ස් කිංග්ස්’ කණ්ඩායම සහ ‘ජැෆ්නා චැලෙන්ජර්ස්’ අතර තරගයේදී ‘සෙන්ට‍්‍රල් කිංග්ස්’ කී‍්‍රඩකයෝ ලකුණු 41 ක් රැස් කරද්දී ‘ජැෆ්නා චැලෙන්ජර්ස්’ කණ්ඩායමට එකම ලකුණක් හෝ රැස්කිරීමට නොහැකි වීම ද විශේෂත්වයක් විය.
තරග තුනක් ජයගනිමින් ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට යෝෂිත රාජපක්ෂ මෙහෙයවන ‘වෙස්ටර්න් වොරියර්ස්’ කණ්ඩායම සමත්විය. ඔවුන් පරාජයට පත්වූයේ ‘සබරගමු ස්ටැලියන්ස්’ කණ්ඩායම හමුවේ පමණි.

ගාල්ල මහා නගර සභාව සතු ගාල්ල මහජන කී‍්‍රඩාංගණය, කල්බදු ගිවිසුමක් යටතේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට පවරා ගැනීමෙන් පසු එහි කි‍්‍රකට් තරග හැර වෙනත් කී‍්‍රඩා තරග නොපැවත්විණ. අතීතයේ පටන් පාපන්දු කී‍්‍රඩාවට ප‍්‍රසිද්ධියක් දැරූ ගාල්ල මහජන කී‍්‍රඩාංගණය කි‍්‍රකට් වලට පමණක් යොදා ගැනීමත් සමගම ගාල්ලේ පාපන්දු කී‍්‍රඩාවද අභාවයට ගිය බවට චෝදනා එල්ල විය.

ගාල්ලේ පාසල් බොහොමයක් සිය මලල කී‍්‍රඩා තරග සඳහාද මෙම කී‍්‍රඩාංගණය භාවිතා කළ නමුත් කී‍්‍රඩාංගණය ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට පවරා ගැනීමෙන් පසුව ඒ වෙනුවෙන් ද අවසරයක් නොලැබිණ. කෙසේ වෙතත් පසුගිය පෙබරවාරි මාසයේ ගාල්ලේ ප‍්‍රසිද්ධ බාළිකා පාසලක නිවාසාන්තර කී‍්‍රඩා තරගයක් පැවැත්වීමට අවසර දී තිබිණි.

අවසන් වරට ගාල්ල මහජන කී‍්‍රඩාංගණයේ රග්බි තරග පවත්වා ඇත්තේ 1990 දශකයේ මුල් භාගයේදීය. එය එක දිනයක් පුරා, ගාල්ලේ කී‍්‍රඩා සමාජ අතර පැවති රග්බි තරගාවලියකි. එම තරගාවලියේ අරමුණ වූයේ ගාල්ලේ රග්බි කී‍්‍රඩාව ප‍්‍රචලිත කිරීම වුවද රග්බි කී‍්‍රඩාව තවමත් ගාල්ලේ එතරම් ජනපි‍්‍රය කී‍්‍රඩාවක් නොවේ.

‘කාල්ටන් සුපර් සෙවන්’ යනුවෙන් හැඳින්වෙන සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ තරග අද (28 වැනිදා) අවසන් වූ පසු යළිත් ගාල්ල මහජන කී‍්‍රඩාංගණය කි‍්‍රකට් කී‍්‍රඩාව සඳහා පමණක් වෙන්කරන්නේද නැතහොත් අතීතයේ මෙන් වෙනත් කී‍්‍රඩා එහි පැවත්වීමටත් අවසර දෙන්නේද යන්න පළිබඳව කී‍්‍රඩාලෝලීහු විමසිලිමත්ව සිටිති.

 

තරග ප‍්‍රතිඵල

  • වෙස්ටර්න් වොරියර්ස් විසින් සදර්න් ශාර්ක්ස් පරාජය කරන ලදි. (33‐5)
  • නොර්ත් සෙන්ට‍්‍රල් ටයිෆූන්ස් විසින් සබරගමුව ස්ටැලියන්ස් පරාජය කරන ලදි. (19‐5)
  • ඊස්ටර්න් ඊගල්ස් විසින් ජැෆ්නා චැලෙන්ජර්ස් පරාජය කරන ලදි. (28‐14)
  • නෝර්ත් වෙස්ටර්න් බ්ලැක්ස් විසින් සෙන්ට‍්‍රල් කිංග්ස් පරාජය කරන ලදි. (21‐19)
  • වෙස්ටර්න් වොරියර්ස් විසින් ඌව වයිපර්ස් පරාජය කරන ලදි. (33‐17)
  • සබරගමුව ස්ටැලියන්ස් විසින් සදර්න් ශාර්ක්ස් පරාජය කරන ලදි. (24‐12)
  • නෝදර්න් ග්ලැඩියේටර්ස් විසින් ජැෆ්නා චැලෙන්ජර්ස් පරාජය කරන ලදි. (26‐12)
  • ඊස්ටර්න් ඊගල්ස් විසින් නෝර්ත් වෙස්ටර්න් බ්ලැක්ස් පරාජය කරන ලදි. (24‐17)
  • නෝර්ත් සෙන්ට‍්‍රල් ටයිෆූන්ස් විසින් ඌව වයිපර්ස් පරාජය කරන ලදි. (21‐17)
  • සබරගමුව සටැලියන්ස් විසින් වෙස්ටර්න් වොරියර්ස් පරාජය කරන ලදි. (38‐14)
  • නෝර්දන් ග්ලැඩියේටර්ස් විසින් සෙන්ට‍්‍රල් කිංග්ස් පරාජය කරන ලදි. (49‐7)
  • ජැෆ්නා චැලෙන්ජර්ස් විසින් නෝර්ත් වෙස්ටර්න් බ්ලැක්ස් පරාජය කරන ලදි. (26‐14)
  • සදර්න් ශාර්ක්ස් විසින් නොදර්න් සෙන්ට‍්‍රල් ටයිෆූන්ස් පරාජය කරන ලදි. (24‐19)
  • ඌව වයිපර්ස් විසින් සබරගමුව ස්ටැලියන්ස් පරාජය කරන ලදි. (28‐22)
  • ඊස්ටර්න් ඊගල්ස් විසින් සෙන්ට‍්‍රල් කිංග්ස් පරාජය කරන ලදි. (21‐17)
  • නොදර්න් ග්ලැඩියේටර්ස් විසින් නෝර්ත් වෙස්ටර්න් බ්ලැක්ස් පරාජය කරන ලදි. (19‐05)
  • වෙස්ටර්න් වොරියර්ස් විසින් නෝර්ත් සෙන්ට‍්‍රල් ටයිෆූන්ස් පරාජය කරන ලදි. (19‐14)
  • සදර්න් ශාර්ක්ස් විසින් ඌව වයිපර්ස් පරාජය කරන ලදි. (21‐19)
  • සෙන්ට‍්‍රල් කිංග්ස් විසින් ජැෆ්නා චැලෙන්ජර්ස් පරාජය කරන ලදි. (41‐00)
  • නොර්දන් ග්ලැඩියේටර්ස් විසින් ඊස්ටර්න් ඊගල්ස් පරාජය කරන ලදි. (17‐12)

 

- ගාල්ල අතිරේක වේරගොඩගේ සජීව විජේවීර

(ඡායාරූපය: සජීව විජේවීර)


අදහස් (0)

‘නොදර්න් ග්ලැඩියේටර්ස්’ පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.