Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ‘පූනේ සුපර්ක්‍රොස්’ තරගාවලියට තිදෙනෙක් යති

‘පූනේ සුපර්ක්‍රොස්’ තරගාවලියට තිදෙනෙක් යති

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියවේ පූනේ නගරයේදී හෙට (17 වැනිදා) අරම්භවන ‘පූනේ සුපර්ක්‍රොස්’ ජාත්‍යන්තර යතුරුපැදි තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තිදෙනෙක් සහභාගී වෙති. දින තුනක් පුරා පැවැත්වෙන මෙම තරගාවලිය අනිද්දා (19 වැනිදා) අවසන් වේ.

මේ වසරේ (2017) ජාතික යතුරුපැදි ශූරයා බවට පත්වූ ඉෂාන් දසනායක, හිටපු ජාතික යතුරුපැදි ශූරයකු වන ගයාන් සඳරුවන් සහ නැගී එන ලාබාල යතුරුපැදි ශූර ඩී.එම්.ඩී. කල්හාර මෙම තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වෙති.

මෙම තරගාවලිය සඳහා පී.බී. රේසිං, ටීම් ග්‍රීෂ්ම්, ඉන්ක් රේසිං, ලිලේරියා මොටෝක්‍රොස්, පශන්කර් රේසිං, ස්ටැලියන් රයිඩර්ස්, භල්ලා රෝයල් යන කණ්ඩායම් 7 තරග වදින අතර ඉන්දීය යතුරුපැදිකරුවෝ 55 දෙනෙක් සහ විදෙස් යතුරුපැදිකරුවෝ 9 දෙනෙක් එම කණ්ඩායම් 7 ට ඇතුළක්ව සිටිති.

එහිදී ඉෂාන් දසනායක ‘පී.බී. රේසිං’ කණ්ඩායමට ක්‍රීඩා කරන අතර සරත් මෝහන්, කරන් කාර්ලි, වෙන්කටේෂ් ෂෙට්ටි, ප්‍රින්ස් මනින්දර්, වී.එස්. නරේෂ් සහ ඇන්තනී රේනාඞ් එම කණ්ඩායමට ඇතුළත්ව සිටින සෙසු ක්‍රීඩකයෝ වෙති.

ගයාන් සඳරුවන් සහ ඩී.එම්.ඩී. කල්හාර ‘ටීම් ග්‍රීෂ්ම්’ කණ්ඩායමට ඇතුළත්ව සිටින අතර විෂාල් සන්ග්‍රා, ජාවෙඞ් ශායිඛ්, ආර්.ඊ. රාජේන්ද්‍ර, සචින් ඝෝපාද් සහ කෙරීම් ෆිට්ස් යන ක්‍රීඩකයෝද එම කණ්ඩායමට ක්‍රීඩා කරති.

මෙම තරගාවලියේදී එස්. එක්ස්. කාණ්ඩය යටතේ විදෙස් තරගකරුවන් සඳහාද, එස්.එක්ස්. 1 කාණ්ඩය යටතේ ඉන්දීය වෘත්තීමය තරගකරුවන් සඳහාද තරග පැවැත්වෙන අතර එස්.එක්ස්. 2 කාණ්ඩය යටතේ ඉන්දීය ආධුනික තරගකරුවන් සඳහාද, එස්.එක්ස්. 3 කාණ්ඩය යටතේ ඉන්දීය ප්‍රවීණ තරගකරුවන් සඳහාද, එස්.එක්ස්. ජේ. කාණ්ඩය යටතේ කනිෂ්ඨ තරගකරුවන් සඳහාද තරග පැවැත්වේ.

ඉෂාන් දසනායක

ගයාන් සඳරුවන්

ඩී.එම්.ඩී. කල්හාර

 


අදහස් (0)

‘පූනේ සුපර්ක්‍රොස්’ තරගාවලියට තිදෙනෙක් යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.