Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ශාන්ත ජෝශප් විදුහල සහ කොළඹ ශාන්ත පීතර විදුහල අතර පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති 84 වැනි ‘ශාන්තුවරයන්ගේ සංග්‍රාමය’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අද (3 වැනිදා) අවසන්විය. ජය පරාජයෙන් තොරව අවසන්වූ 62 වැනි තරගය ලෙස වාර්තා පොත් අතරට එක්විය.
![]() |
![]() |
පළමු දිනයේ තරගය නතර කරනවිට පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි ශාන්ත පීතර විදුහල කඩුලු 6 කට ලකුණු 190 ක් රැස්කරමින් තරගයේ වැඩි වාසී අත්කරගෙන සිටි ඔවුන් ඕවර 60 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 244 ක් ලබාගැනීමට සමත්වූහ.
සමිත් ප්‍රනාන්දු (58) සහ රන්මිත් ජයසේන (55) අර්ධ ශතක රැස්කරමින් ශාන්ත පීතර විදුහල් කණ්ඩායමට තරගයේ වැඩි වාසී අතර දීමට සමත්වූහ.
ලක්ෂාන් ගමගේ කඩුලු 4 ක් ද දුනිත් වෙල්ලාලගේ සහ අශේන් ඩැනියල් කඩුලු 2 බැගින් ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ලකුණු 49 ක් පසුපසින් සිට දෙවැනි ඉනිම ඇරඹූ ශාන්ත ජෝශප් විදුහල් කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 237 ක් රැස්කරමින් ඉනිම අත්හිටුවීය. දිනෙත් ජයකොඩි අර්ධ ශතකයක් (නොදැවී 55) රැස්කරමින් ශාන්ත ජෝශප් විදුහල් දෙවැනි ඉනිමේදී පිත්තෙන් දස්කම් දැක්වීය. පන්දු 130 කට මුහුණදුන් දිනෙත් ජයකොඩිගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.
දිනෙත් ජයකොඩි සහ දුනිත් වෙල්ලාලගේ අටවැනි කඩුල්ල සදහා ලකුණු 80 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ.
රුවින් සෙනෙවිරත් කඩුලු 4 ක් සහ අමීන් මිෆ්ලාල් කඩුලු 2 ක් දවාගනිමින් ශාන්ත පීතර විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ශාන්ත පීතර විදුහලට ජයග්‍රහණය සදහා ලකුණු 189 ක ඉලක්කයක් හිමිවුවද දෙවැනි දිනයේදී යැවීමට ඉතිරිව තිබුයේ තවත් ඕවර 11 ක් පමණි. අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය අවසන් කරන විට ශාන්ත පීතර විදුහල කඩුල්ලක් දැවී ලකුණු 57 ක් රැස්කර සිටියේය.
ශාන්ත ජෝසප් විදුහලේ ජෙහාන් ඩැනියල් තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගන්නා විට එම විදුහලේ ලක්ෂාන් ගමගේ දක්ෂතම පන්දු යවන්නා ලෙසද දුනිත් වෙල්ලාලගේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසද සම්මාන දිනාගැනීමට සමත්වූහ. දක්ෂතම පිතිකරු ලෙස ශලිත් ප්‍රනාන්දු සම්මාන දිනාගන්නා විට එම විදුහලේම දක්ෂතම පන්දු රකින්නා ලෙස පබසර හේරත් සම්මාන හිමිකර ගැනීමට සමත්විය.
ශා. ජෝශප් - ශා. පීතර මහක්‍රිකට් තරගයේ උණුසුම් අවස්ථා...
ඡායාරූප - ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.