Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ‘සුලෝහිත සංග්‍රාමය’ ජය පරාජයෙන් තොරයි

‘සුලෝහිත සංග්‍රාමය’ ජය පරාජයෙන් තොරයි

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආනන්ද විද්‍යාලය සහ නාලන්ද විද්‍යාලය අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති 89 වැනි ‘සුලෝහිත සංග්‍රාමය’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අද (4 වැනිදා) අවසන්විය.    

පළමු දිනය නිමාවන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 107 ක් ලබා සිටි නාලන්ද විදුහල අද දින සියලුදෙනා දැවී ලකුණු 213 ක් රැස්කිරීමට සමත්විය. ලක්ෂිත රසාංජන (60) අර්ධ ශතකයක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර ගිශාන් විශ්වජිත් සහ අසෙල් සිගේරා කඩුලු 3 බැගින්ද, ශමල් හිරුශාන් කඩුලු 2 ක් ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ලකුණු 72 ක් පසුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරඹූ ආනන්ද විද්‍යලය තරගය නිමාවන විට කඩුලු 7 ක් දැවී ලකුණු 252 ක් රැස්කරමින් නාලන්ද විද්‍යාලය පළමු ඉනිමේරැදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 180 ක් ඉදිරියෙන් සිටීමට සමත් විය.

කමේෂ් නිර්මාල් (නොදැවී 100) ශතකයක් රැස්කරමින් ආනන්ද විදුහල ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් විය. උමෙෂ්ක දිල්ශාන් කඩුලු 3 ක් දවාගනිමින් නාලන්ද විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.

නාලන්ද විද්‍යාලයේ ලක්ෂාන් රසාංජන තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසත් සුහඟ විජේවර්ධන දක්ෂතම පන්දු යවන්නා ලෙසත් සම්මාන දිනාගත් අතර ආනන්ද විද්‍යාලයේ කමේෂ් නිර්මාල් තරගයේ දක්ෂතම පිතිකරු ලෙසද ළහිරු අත්තනායක දක්ෂතම පන්දු රකින්නා ලෙසද සම්මාන දිනාගත්හ.

 

ආනන්ද විදුහල් පළමු ඉනිම - ඕවර 55 කදී සියලු දෙනා දැවී 141
(ළහිරු හිරණ්‍ය 58, දමින්ද රෙෂාන් 24, සුහඟ විජේවරධන 52/6, චමින්ද විජේසිංහ 33/4)

නාලන්දා විදුහල් පළමු ඉනිම - ඕවර 64.3 කදී සියලු දෙනා දැවී 213
(ලක්ෂාන් රසාංජන 60, රවීන් ද සිල්වා 35, අවිෂ්ක පෙරේරා 24, දිල්හාර පොල්ගම්පල 23, මහීම වීරකෝන් නොදැවී 20, ගිෂාන් විෂ්වජිත් 38/3, අසෙල් සිගේරා 37/3, ශාමල් හිරුෂාන් 24/2)

ආනන්ද විදුහල් දෙවැනි ඉනිම - ඕවර 60 කදී කඩුලු 7 ක් දැවී 252
(කමේෂ් නිර්මාල් නොදැවී 100, අසෙල් සිගේරා 46, ළහිරු අත්තනායක 33, කනිෂ්ක රංතිලකගේ 25, දුශාන් හෙට්ටිගේ 23, උමෙෂ්ක දිල්ශාන් 38/3)

 

දක්ෂතම පිතිකරු - කමේෂ් නිර්මාල් (ආනන්ද විදුහල)

දක්ෂතම පන්දු රකින්නා - ලහිරු අත්තනායක (ආනන්ද විදුහල)

දක්ෂතම පන්දු යවන්නා - සුහඟ විජේවර්ධන (නාලන්දා විදුහල)

දක්ෂතම ක්‍රීඩකයා  - ලක්ෂාන් රසාංජන (නාලන්දා විදුහල)

ආනන්ද - නාලන්දා ‘සුලෝහිත සංග්‍රාමය‘ මහක්‍රිකට් තරගයේ විශේෂ අවස්ථා...

ඡායාරූප - ළහිරු හර්ෂණ


අදහස් (0)

‘සුලෝහිත සංග්‍රාමය’ ජය පරාජයෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.