Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket දෙනුවර සටනේ ජය වික්‍රමබාහු ජාතික පාසලට

දෙනුවර සටනේ ජය වික්‍රමබාහු ජාතික පාසලට

editorial - 2024 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ගම්පොළ - සුරංග රාජනායක)

ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසල හා නාවලපිටිය අනුරුද්ධ කුමාර ජාතික පාසල අතර වසර දොළහකට පසු පැවැත් වූ ‘‘දෙනුවර සටන’’ වාර්ෂික ක්‍රිකට් තරගය ලකුණු 147 කින් ජය ගැනීමට ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසල් කණ්ඩායම සමත් විය.

පාසල් දෙක අතර මෙම වාර්ෂික ක්‍රිකට් ගැටුම ‘‘දෙනුවර සටන’’ නමින් 2001 වසරේදී ආරම්භ කෙරිණි.

වික්‍රමබාහු විදුහල්පති කෝකිලා එදිරිසිංහ අනුරුද්ධ, කුමාර ජාතික පාසලේ විදුහල්පති නලින්ද පීරිස් සහ වික්‍රමබාහු පාසලේ ආදී ශිෂ්‍ය සංගමයේ සභාපති ජානක උයන්වත්ත එහි ලේකම් ගාමිණී ජයසේකර ඇතුළු විදුහල් දෙකේ ආදි සිසුන් එක්ව යළිත් එය මෙම වසරේදී ආරම්භ කරන ලදී.

මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් වික්‍රමබාහු  කණ්ඩායම ඕවර 41 ක් තුළදී සියලු දෙනා දැවී ලකුණු 214 ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අනුරුද්ධ කුමාර පාසලට ලබා ගත හැකි වූයේ ඕවර 18 ක් තුළදී සියල්ලන් දැවී ලකුණු 67 ක් පමණි.

මෙහිදී වික්‍රමබාහු පාසල් කණ්ඩායමේ නායක මිතිල හේරත් පන්දු  89 කදී ලකුණු 83  ක් රැස් කළේය. එසේම ඔහු පන්දු යවමින් ලකුණු 22 කට කඩුලු පහක් ද ලබා ගත්තේය.

ඒ අනුව ඔහු හොඳම පන්දු යවන්නා හොඳම පිතිකරු හා තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබුවේය.

අනුරුද්ධ ජාතික පාසල් කණ්ඩායමේ බිපුල ජයනාත් ලකුණු 41 කට කඩුලු 4 ක් ලබා ගත් අතර එම කණ්ඩායමේ වැඩිම ලකුණු ලබා ගත්තේද එම ක්‍රීඩකයාය.  ඔහු පන්දු 42 කදී ලකුණු 28 ක් ලබා ගත්තේය.

මෙම තරගයේ හොඳම පන්දු රකින්නා ලෙසද ඔහු පත්වූයේය.


අදහස් (0)

දෙනුවර සටනේ ජය වික්‍රමබාහු ජාතික පාසලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.