Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 15 Cricket ශා. අන්තෝනි - ශා. පීතර අවසන් පූර්ව තරගය හෙට

ශා. අන්තෝනි - ශා. පීතර අවසන් පූර්ව තරගය හෙට

editorial - 2024 අගෝ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ පළමු කොටසේ අන්තර් පාසල්  ක්‍රිකට් තරගාවලියේ පළමු වැනි අවසන් පූර්ව තරගය හෙට (18) කොළඹ රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය සහ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය මෙහිදී තරග වදිති. 

කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය තෙවැනි වටයේදී කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය පරදවමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. ශාන්ත අන්තෝනි විද්‍යාල පිල  සහ  කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාල පිල අතර අර්ධ අවසන් පූර්ව තරගය වර්ෂාව හේතුවෙන් ජය පැරදුමෙන් තොරව අවසන් විය.  තරගාවලි කොන්දේසි අනුව ප්‍රසාද ලකුණු වල වැඩි සාමාන්‍යයක් හිමිකරගත්  කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය තෙවැනි වටයේදී මාතර ශාන්ත සර්වේෂස් විද්‍යාලය පරදවමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. අර්ධ අවසන් පූර්ව වටයේදී රත්ගම දේවපතිරාජ විද්‍යාලය පරදවමින් බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාල පිල සනිතු ගුණතිලක විසින් මෙහෙයවනු ලබන අතර, බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයීය පිල ස්ටෙවොන් පීරිස් විසින් මෙහෙයවනු ලබයි.
 
කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාල සංචිතය: 
සනිතු ගුණතිලක (නායක), සිසල් හේමක (උප නායක), නිසිත කරුණාරත්න, තුවාන් සහරාෆ්, චන්දිර සෙනරත්, යෙනුල  හේවාවිතාරණ, අදීශ රත්නායක, බාසිත සිල්වා, මුවිඳු ලියනගේ, ජනීස් සේදර, විහඟ නෙතුසර, මනෝජ් හේරත්, රනුලක ප්‍රනාන්දු, දීඝායු බාලසූරිය, ලක්නාල් අබේවර්ධන සහ  මාලන් ඩිල්ෂාන් 
අමිල ආරියරත්න (කණ්ඩායම භාර ආචාර්ය), සුසන්ත බස්නායක (ප්‍රධාන පුහුණුකරු) සහ ලක්ෂාන් කළුදීර (සහාය පුහුණුකරු) 

 

බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාල සංචිතය: 
ස්ටෙවොන් පීරිස් (නායක), හිරුන් නොයා, මෙතුක ගුණරත්න,  රිතික් බ්‍රයිස්නන්,  මෙනුර දිසානායක, ට්‍රෙවොන් ජොයෙල්, රෙනිෂ් අභිරිෂ්ණන්, තාරුක් ෆලීල්, ලෙෂාන් පෙරේරා, තිසත් ජයසුන්දර,  සන්විදු ද සිල්වා, නේදන් මන්දිව්, මහිරු ගුණතිලක, ඔකිත ද සිල්වා, ෂෙවාන් නෙතුසර, තාරුක අශාන් සහ තිනුක විනෝල් ලක්මාල් සුබසිංහ (කණ්ඩායම භාර ආචාර්ය) සහ ජයංග ද මෙල් (ප්‍රධාන පුහුණුකරු)


අදහස් (0)

ශා. අන්තෝනි - ශා. පීතර අවසන් පූර්ව තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.