Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 15 Cricket ත්‍රිත්ව විද්‍යාලයට ඉනිමක ජයක්

ත්‍රිත්ව විද්‍යාලයට ඉනිමක ජයක්

editorial - 2024 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15 න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකදී මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 62ක පහසු ජයක් ලැබීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත්විය.

මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් රනෝදිත් විජේරත්න පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද දස්කම් දැක්වූ අතර, කේෂාන් යෝගරාජ් පන්දුවෙන් දස්කම්  දැක්වීය.

 

මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය - පළමු ඉනිම ඕවර 26 කදී සියලු දෙනා දැවී 46 යි
(කේෂාන් යෝගරාජ් 09/4, සචින්ත ගුණසේකර 11/3, මින්දුල ජයරත්න 13/2)

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය - පළමු ඉනිම ඕවර 25 කදී කඩුලු 9 ක් දැවී 141 යි
(ෂෙනාල් ආතර් 49, රනෝදිත් විජේරත්න 38, විසල් රාජපක්ෂ 28/3, ඉරුෂ්ක ධර්මසිරි 38/3)

මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය - දෙවැනි ඉනිම ඕවර 19.3 කදී සියලු දෙනා දැවී 33
(රනෝදිත් විජේරත්න 05/4, කේෂාන් යෝගරාජ් 04/2, රමිඳු ලැදිගම්මන 10/2) 

 


අදහස් (0)

ත්‍රිත්ව විද්‍යාලයට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.