Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
වයස 15න් පහළ අන්තර් පාසල් තෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේදී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ‘සී‘ කණ්ඩායම පරාජය කළ ක්‍රිකට් ක්‍රීඩාවට කෝඩුකාර වතුගෙදර සීනිගොඩ සිරි අභයතිස්ස විදුහල ලකුණු 23 ක ජයක් අත්කර ගත්තේය. කරන්දෙණිය මධ්‍ය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ මේ තරගය පැවැත්විණ.
ක්‍රිකට් ක්‍රීඩාංගණ, පුහුණුවීම් තණතීරු සහ හරිහමන් ක්‍රිකට් ක්‍රීඩා උපකරන නොමැති සීනිගොඩ සිරි අභයතිස්ස විද්‍යාලය විසින් ඒ සියල්ලෙන්ම ස්වයංපෝෂිත අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය පරාජය කිරීම සුවිශේෂී සිදුවීමකි.
දුෂ්කර පාසලක් වන සීනිගොඩ සිරි අභයතිස්ස විදුහල විසින් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල පරාජය කිරීම එම විදුහල් ඉතිහාසයේ පළමු වරට සිදුවූවක් වන අතර ධර්මාශෝක විදුහල් වයස 15න් පහල කණ්ඩායමක් මෙවන් දුෂ්කර පාසලක් හමුවේ පරාජයවූ පළමු අවස්ථාවද මෙය වේ.
සිරි අභයතිස්ස විදුහල් කණ්ඩායම - පළමු ඉනිම ඕවර 40.2 කදී සියලුදෙනාම දැවී 113
(විනිදු නිවන් 17, කවිඳු මදුෂංක 15, ලදිෂ් සිල්වා 17/4, යෙනුර යොනාල් 13/2)
ධර්මාශෝක විදුහල් ‘සී‘ කණ්ඩායම - පළමු ඉනිම ඕවර 28.1 කදී සියලුදෙනාම දැවී 124
(ලදීෂ් ද සිල්වා 25,යෙනුර යොමාල් 24,ඉමල්ෂ අකලංක 31/5,තමිදු අකේෂ් 17/2)
සිරි අභයතිස්ස විදුහල් කණ්ඩායම - දෙවැනි ඉනිම ඕවර 23 කදී සියලුදෙනාම දැවී 88
(විනිදු නිවන් 56,සෙනුජ කවීන් 16,යෙනුර යොමාල් 27/4,දිනුක සන්ජන 17/4)
ධර්මාශෝක විදුහල් ‘සී‘ කණ්ඩායම - දෙවැනි ඉනිම ඕවර 15 කදී සියලුදෙනාම දැවී 54
(සෙනාල් තෙනුක 18,ඉමල්ෂ අකලංක23/5,විනිදු නිවන් 25/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.