Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket අර්ධ අවසන් පූර්ව තරග 2ක් අද
17න් පහළ ක්‍රිකට්

අර්ධ අවසන් පූර්ව තරග 2ක් අද

editorial - 2024 අගෝ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු වයස අවුරුදු 17 න් පහළ දෙවැනි කොටසේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග 2ක් අද (2) කොළඹදී පැවැත්වේ. යාපනය හින්දු විද්‍යාලය, කොළඹ නාලන්දා ‘බී’ කණ්ඩායම, කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලයීය ‘බී’ කණ්ඩායම මෙම අර්ධ අවසන් පූර්ව තරග වලට මුහුණ දෙති.

එක් අර්ධ අවසන් පූර්ව තරගයකදී කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලයට එරෙහින කොළඹ රාජකීය විද්‍යාලය ‘බී’ පිල තරග වදී.  මෙම තරගය කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

අනෙක් අර්ධ අවසන් පූර්ව තරගයේදී යාපනය හින්දු විද්‍යාලයට එරෙහිව කොළඹ නාලන්දා විද්‍යාලය ‘බී’ පිල  තරග වදියි.

කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලය පළමු වටයේ තම කාණ්ඩයේ අනු ශූරයින් ලෙස දෙවැනි වටයට සුදුසුකම් ලැබූ අතර, දෙවැනි වටයේදී පානදුර රාජකීය විද්‍යාලය පරදවමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. කොළඹ රාජකීය විද්‍යාලය ‘බී’ පිල පළමු වටයේදී තම කාණ්ඩයේ අනුශූරයින් ලෙස දෙවැනි වටයට සුදුසුකම් ලබා එහිදී  දෙබරවැව ජාතික පාසල පරදවමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

 

කොළඹ රාජකීය විද්‍යාලය ‘බී’ සංචිතය: 

තරික් ද සිල්වා (නායක), සවිඳු අබේවර්ධන, චේනුක මරන්තොට, චනිතු කංකානම්ගේ, ජනුග පෙරේරා, ජනිරු වීරරත්න, මොහොමඩ්  නිෆාද්, නෙසඳු මන්දිව්, තරුල් වෛද්‍යරත්න,   මෙතුජ අනුසර, විනුග අල්විස්, දිසල චනුමිත, ලිතික විජේසිංහ, සජන පෙරේරා, භානුක රාජපක්ෂ, යුවනක දයාරත්න, සරත් දීගල (කණ්ඩායම් භාර ආචාර්ය), රශාන් පීරිස් (ප්‍රධාන පුහුණුකරු), ප්‍රගීත් ෆර්ඩිනැන්ඩෝ (සහාය පුහුණුකරු), චරිත් ප්‍රනාන්දු (සහාය පුහුණුකරු), ඔසඳ ෆොන්සේකා (සහාය පුහුණුකරු) 
 
කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාල සංචිතය:  
රජිත් නවෝද්‍ය (නායක), ඉෂාන් ඛාන්, තිසුර සවිඳුල්,රන්තුල් දිනන්ත,  රවිඳු ප්‍රභාෂ්වර, තේනුග සේචිත, යසිරු කාවින්ද, දිමුතු සඳකැළුම්, කවීෂ නඳුන්, යෂ්මිර හසරංග, තරුෂ රෝෂක, හසීම් හිමාඩ්, සවිෂ්ක ඩිල්ෂාන්, කාංචන ගිම්හාන්, කිසල් දිසානායක, සමෝද් යොහාන්, ඉසුරු මානෙත්, සඳරු සත්සර, මනෝජ් උපතිස්ස (කණ්ඩායම් භාර ආචාර්ය), සුජිත් දිසානායක (පුහුණුකරු), විමුක්ති උදයංග (සහාය පුහුණුකරු)


යාපනය හින්දු විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය ‘බී’ කණ්ඩායම අතර අර්ධ අවසන් පූර්ව තරගය රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.  

යාපනය හින්දු විද්‍යාලය පළමු වටයේ තම කාණ්ඩයේ ශූරයින් ලෙස දෙවැනි වටයට සුදුසුකම් ලැබූ අතර, දෙවැනි වටයේදී හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය පරදවමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

කොළඹ නාලන්දා විද්‍යාලය ‘බී’ කණ්ඩායම පළමු වටයේදී තම කාණ්ඩයේ අනුශූරයින් ලෙස දෙවැනි වටයට සුදුසුකම් ලබා එහිදී  තෝලංගමුව ඩඩ්ලි සේනානායක විද්‍යාලය පරදවමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. 

යාපනය හින්දු විද්‍යාල පිල තිනේෂ්කරන් ප්‍රීමිකන් විසින් මෙහෙයවනු ලබන අතර, කොළඹ නාලන්දා විද්‍යාලය ‘බී’ පිල රමික ලක්වින් විසින් මෙහෙයවනු ලබයි.

යාපනය හින්දු විද්‍යාල සංචිතය: 
තිනේෂ්කරන් ප්‍රීමිකන් (නායක), ජගතේෂන් බවනන්, සුතර්සන් අච්චුතාන්, විජයකුමාර් කජලුක්ෂාන්, මුරුගවඩිවේල් දනිලාෂ්, කනගරාජ් නිතීෂ්, කනේෂරාජා සගනන්, කුමනන් තරනිසන්, තිනේෂ්රාමන් ප්‍රීතිකන්, සුදර්ශන් අබිවර්ණන්, අරුලානන්දන් පමාකන්, කමලමූර්ති ජනෝජන්, වේල්කුමාර් රතූෂන්, තිරුනිල්කන්දන් නිරෝෂ්, වී. තයාපලන්  (කණ්ඩායම් භාර ආචාර්ය), ඇලන් රාජ් (ප්‍රධාන පුහුණුකරු), ටී. ගෝකුලන් (සහාය පුහුණුකරු&

 

කොළඹ නාලන්දා විද්‍යාලය ‘බී’ සංචිතය: 
රමික ලක්වින් (නායක),නදෙව් දොඩම්ගොඩ,  චිරාත් පීරිස්, යොනාල් දුල්මික, ආකාෂ් ගුණසේකර, අකිල බුවනෙක, තිවිරු දිල්මිත්, මිහින් සොයිසා, ඔෂාන් සෙනෙවිරත්න, ගයුක මධුෂාන්, අංජිත රණතුංග, හේෂාන් පබසර, රුවිඳු රොද්‍රිගෝ, යසිඳුසර රුවිෂාන්, අභිරු ආතාවුද, සෙනුත් විජේසිංහ, රුවිඳු බණ්ඩාර, දිනරු විදුනිත, තරින්ද විජේසිිංහ, ඕ.වී. වනිගසිංහ, කපිල නන්දකුමාර (කණ්ඩායම් භාර ආචාර්ය), නුවන් සොයිසා (පුහුණුකරු), පුණ්‍යකාන්ත අබේගුණරත්න (සහාය පුහුණුකරු) 

 


අදහස් (0)

අර්ධ අවසන් පූර්ව තරග 2ක් අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.