Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Uncategorized නිපුන් (248) - මුබාරක් (222) ද්විත්ව ශතක ලබති

නිපුන් (248) - මුබාරක් (222) ද්විත්ව ශතක ලබති

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ක‍්‍රිකට් තරගාවලියේ (2013/2014) සිවුවැනි සති අන්තයේ තරගවලදී පානදුර ක‍්‍රීඩා සමාජ ක‍්‍රීඩකයෝ කඩුලූ 5 කින් ප‍්‍රබල රාගම ක‍්‍රිකට් සමාජ පිල පරාජය කිරීමට සමත් වූහ. එම සතියේ සෙසු තරගවලදී එන්. සී. සී., යුද හමුදා සහ මුවර්ස් කණ්ඩායම් පූර්ණ ජයග‍්‍රහණ ලැබීමට සමත් විය. මෙම තරග අද (10 වැනිදා) අවසන් විය.

රාගම ක‍්‍රිකට් සමාජයට මාලිංග බණ්ඩාර, සජීව වීරකෝන්, මයිකල් වැන්ඩොට්, උදාර ජයසුන්දර, ඉයන් ඩැනියල්, චානක විජේසිංහ සහ සමීර සොයිසා යන ජාතික පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල නියෝජනය කරන ක‍්‍රීඩකයෝ ක‍්‍රීඩා කළහ.  පානදුර ක‍්‍රීඩා සමාජයට කිසිදු නම් දැරූ ක‍්‍රීඩකයකු ක‍්‍රීඩා නොකිරීම කැපී පෙනුණි.

බ්ලූම්ෆීල්ඞ් පිලේ නිපුන් කරුණානායක එස්. එස්. සී. පිලට එරෙහිව පන්දු 391 කදී හතරේ පහර 24 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 248 ක් රැස් කිරීමට සමත් විය. නිපුන්ගේ ද්විත්ව ශතක නිසා බ්ලූම්ෆීල්ඞ් පිලට පළමු ඉනිමේ ජය ලැබීමට අවස්ථාව ද උදාවිය.   

මග්ගොන සරේ කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයකදී බදුරලිය පිලට එරෙහිව ලකුණු 222 ක් රැස්කළ ජෙහාන් මුබාරක් තම කි‍්‍රකට් දිවියේ හොඳම පළමුපෙළ ඉනිම වාර්තා කළේය.

මුවර්ස් පිලේ පිට දඟ පන්දු යවන ජනක ගුණරත්න, දෙවැනි ඉනිමේදී ලකුණු 92 කට කඩුලූ 8 ක් සමගින් ලකුණු 134 කට කඩුලූ 12 ක් දවා ගනිමින් සතියේ පන්දු යවන්නා බවට පත්විය.   


පානදුර නගර සභා ක‍්‍රීඩාංගණයේදී (පානදුර පිලට කඩුලූ 5 ක ජයක්)

රාගම පිල පළමු ඉනිම 210 (උදාර ජයසුන්දර 32, ඉයන් ඩැනියල් 58, සමීර සොයිසා 43, චරිත් ප‍්‍රනාන්දු 23, රජීව් වීරසිංහ 62/5, විරාජ් පුෂ්පකුමාර 40/2) සහ දෙවැනි ඉනිම 222 (උදාර ජයසුන්දර 22, ධනංජය ද සිල්වා 61, චානක විජේසිංහ 28, චරිත් ප‍්‍රනාන්දු 27, සජීව වීරකෝන් 27, රජීව් වීරසිංහ 67/4, ගයාන් සිරිසෝම 77/5)

පානදුර පිල පළමු ඉනිම 231 (ගිහාන් නිම්සර 35, සුපේෂල ජයතිලක 21, ශම්මික රුවන් 33, අමිල වෙත්තසිංහ 73, විරාජ් පුෂ්පකුමාර නොදැවී 28, නිලංක පේ‍්‍රමරත්න 39/2, සජීව වීරකෝන් 61/2, මාලිංග බණ්ඩාර 81/3) සහ දෙවැනි ඉනිම කඩුලූ 5 ට 204 (විරාජ් පුෂ්පකුමාර 27, දිනිදු ජයතිලක 23, සුපේෂල ජයතිලක නොදැවී 53, දිනුක් වික‍්‍රමනායක නොදැවී 80, ධනංජය ද සිල්වා 55/3)


මග්ගොන සරේ ක‍්‍රීඩාංගණයේදී (එන්. සී. සී. පිලට ඉනිමක සහ ලකුණු 206 ක ජයක්

එන්. සී. සී. පිල පළමු ඉනිම කඩුලූ 5 ට 513 (සදුන් වීරක්කොඩි 38, ජෙහාන් මුබාරක් නොදැවී 222, පවන් වික‍්‍රමසිංහ 122, උපුල් තරංග 36, ෆර්විස් මහරුෆ් 50, තිලාන් තුෂාර 80/2)

බදුරලිය පිල පළමු ඉනිම 174 (ඇන්ඩි සොළමන්ස් 71, රුවින්ද ශාමෙන් 25, කෝසල කුලසේකර 36/2, සොහාන් බොරලැස්ස 65/3) සහ දෙවැනි ඉනිම 133 (ග්‍රෙග් ස්මිත් 45, සොහාන් බොරලැස්ස 39/6, තරිඳු කෞෂාල් 37/3)


පනාගොඩ යුද හමුදා ක‍්‍රීඩාංගණයේදී (යුද හමුදා පිලට කඩුලූ 6 ක ජයක්)

ගුවන් හමුදා පිල පළමු ඉනිම 251 (ටී. නදීර 34, සජිත් කැළුම්ප‍්‍රිය 33, යශෝධ ලංකා 24, දුෂාන් විමුක්ති 35, අජිත් කුමාර 28, ගිහාන් දිල්රුක් 64, ශාලික කරුණානායක 39/2, නුවන් ලියනපතිරණ 38/2, රවින්ද්‍ර පල්ලියගුරු 66/4) සහ දෙවැනි ඉනිම 256 (සජිත් කැළුම්ප‍්‍රිය 30, ළහිරු ශ්‍රී ලක්මාල් 46, යශෝධ ලංකා 44, අචිර එරංග 99, නුවන් ලියනපතිරණ 53/5, රවින්ද්‍ර පල්ලියගුරු 90/3)

යුද හමුදා පිල පළමු ඉනිම 295 (ලියෝ ෆ‍්‍රැන්සිස්කෝ 109, ශාලික කරුණානායක 64, ලක්‍ෂාන් එදිරිසිංහ නොදැවී 50, ලසද රුක්මාල් 51/3, අකිල ඉෂංක 49/2, ටී. නදීර 23/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 4 ට 216 (ලියෝ ෆ‍්‍රැන්සිස්කෝ 40, ලසී තාබෲ 26, මංජුල ද සොයිසා නොදැවී 68, අසේල ගුණරත්න 46, ළහිරු ශ්‍රී ලක්මාල් 41/2)

 
මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී (මුවර්ස් පිලට කඩුලූ 8 ක ජයක්)

කෝල්ට්ස් පිල පළමු ඉනිම 198 (භානුක රාජපක්‍ෂ 23, ඇන්ජලෝ ජයසිංහ 55, මුතුමුදලිගේ පුෂ්පකුමාර 27, අලී ඛාන් 22, දිල්හාර ලොකුහෙට්ටිගේ 43/4, ජනක ගුණරත්න 42/4) සහ දෙවැනි ඉනිම 255 (ෂෙහාන් අයි. ප‍්‍රනාන්දු 39, භානුක රාජපක්‍ෂ 111, ඇන්ජලෝ ජයසිංහ 35, සචිත් පතිරණ 26, ජනක ගුණරත්න 92/8)

මුවර්ස් පිල පළමු ඉනිම 378 (සුරේෂ් නිරෝෂාන් 37,  ඕෂද ප‍්‍රනාන්දු 49, කෞෂල්‍ය ගජසිංහ 93, හර්ෂ කුරේ 111, දිල්හාර ලොකුහෙට්ටිගේ 27, සචිත් පතිරණ 98/5, මිලින්ද සිරිවර්ධන 61/3) සහ දෙවැනි කඩුලූ 2 ට 79 (රජිත වික‍්‍රමාරච්චි 27,  ඕෂද ප‍්‍රනාන්දු නොදැවී 28)


එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී (බ්ලූම්ෆීල්ඞ් පිලට පළමු ඉනිමේ ජයක්)

එස්. එස්. සී. පිල පළමු ඉනිම කඩුලූ 7 ට 543 (විශ්ව විජේරත්න 23, තරංග පරණවිතාන 151, දසුන් ශානක 33, තිළිණ කණ්ඩම්බි 165, චාමර කපුගෙදර නොදැවී 68, කෞෂාල් ලොකුආරච්චි 40, උපුල් බණ්ඩාර 38, ඉම්රාන් ඛාන් 136/4, සුරාජ් රන්දීව් 205/3)

බ්ලූම්ෆීල්ඞ් පිල පළමු ඉනිම කඩුලූ 6 ට 546 (ඩිල්ෂාන් මුණවීර 48, රජ්කුමාර් රතික 32, නිපුන් කරුණානායක 248, දිල්හාන් කුරේ 94, අදීෂ නානායක්කාර නොදැවී 64, කෞෂාල් ලොකුආරච්චි 150/3)


පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී (ද්‍රවිඩ සංගම් පිලට පළමු ඉනිමේ ජයක්)

හලාවත මේරියන්ස් පිල පළමු ඉනිම 231 (ගීත් අල්විස් 60, උමේෂ් කරුණාරත්න 69, සාලිය සමන් 33, තිලකරත්න සම්පත් 27/3, මධුසංඛ ඒකනායක 31/2, ජීවන් මෙන්ඩිස් 66/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 9 ට 258 (විදුර අධිකාරි 30, කාංචන ගුණවර්ධන 50, නිමේෂ් පෙරේරා 66, උමේෂ් කරුණාරත්න 51, ජීවන් මෙන්ඩිස් 80/3, චාමිකර එදිරිසිංහ 21/2)

ද්‍රවිඩ සංගම් පිල පළමු ඉනිම 236 (පබසර වඩුගේ 32, තිලකරත්න සම්පත් 72, පුළින තරංග 21, චානක වෙළගෙදර 33, මධුසංඛ ඒකනායක නොදැවී 27, ළහිරු ගමගේ 52/3, උපුල් ඉන්ද්‍රසිරි 51/4, උමේෂ් කරුණාරත්න 51/3) සහ දෙවැනි ඉනිම කඩුලූ 2 ට 124 (අෂේන් සිල්වා නොදැවී 54, පබසර වඩුගේ 24, දෙනුවන් රාජකරුණා 35)

 

අදහස් (0)

නිපුන් (248) - මුබාරක් (222) ද්විත්ව ශතක ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.