Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමය 50 වැනි වරටත් සංවිධානය කරන ටී.බී. ජයා පාසල් බොක්සිං තරගාවලිය හෙට (18 වැනිදා) සිට 21 වැනිදා දක්වා මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙම තරගාවලියේදී පාසල් (වයස 13-14 අතර), කනිෂ්ඨ (වයස 15-16 අතර) සහ යොවුන් (වයස 17-18 අතර) යන කාණ්ඩ 3 යටතේ තරග පැවැත්වේ. ස්ටබ්ස් පළිහ සහ ජාතික කනිෂ්ට බොක්සිං තරගාවලිවලදී ජයග්‍රහණ ලැබූ ක්‍රීඩයන්ට මෙම තරගාවලියට සහභාගි විය නොහැකි අතර ආධුනික පාසල් ක්‍රීඩකයන්ට පමණට ඊට සහභාගි විය හැකිය.
තරගාවලියේ ජයග්‍රහකයන්, අනු ශූරයන් සහ තෙවැනි ස්ථාන දිනාගන්නා ක්‍රීඩකයන් වෙනුවෙන්ද සහතික පත් පිරිනැමෙන අතර දක්ෂතම ක්‍රීඩකයා සහ දක්ෂතම පරාජිතයා සඳහාද සහතික පත් පිරිනැමීමට සංවිධායක මණ්ඩලය සූදානමින් සිටියි. මෙහි ජයග්‍රාහකයන්ට ලබන වසරේදී පැවැත්වෙන ස්ටැබ්ස් පළිහ සහ ජාතික පාසල් ශූරතාවලිය වැනි තරගාවලිවලට සහභාගී වීමේ අවස්ථාවද හිමිවේ.
ඉකුත් වසරේ පැවැති ටී.බී. ජයා පාසල් බොක්සිං තරගාවලියේ කණ්ඩායම් ශූරතාව දිනාගැනීමට මුලතිව්හි විද්‍යානන්ද විදුහල සමත් විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.