Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තයේ ආබාධිත කී‍්‍රඩා සහ සුභසාධන විද්‍යායතනය ප‍්‍රථම වරට සංවිධානය කරන ආබාධිතයන් සඳහා වන ඉන්දු - ශ්‍රී ලංකා සාම වොලිබෝල් තරගාවලිය මේ මස 20 වැනිදා සිට 27 වැනිදා දක්වා ඉන්දියාවේ බුද්ධගයා නගරයේදී පැවැත්වීමට නියමිතය.
මෙම තරගාවලියේ පිරිමි තරග සඳහා වාඩි වී සිට කී‍්‍රඩා කිරීමේ වෙරළ වොලිබෝල් ජාතික ශූරතාව සහ ගෘහස්ත වොලිබෝල් (වාඩි වී සිට කී‍්‍රඩා කිරීමේ) ජාතික අනුශූරතාව දිනා ඇති රණවිරු සේවා අධිකාරියේ පිරිමි කණ්ඩායමක් සහභාගි වෙයි.
කාන්තා තරග සඳහා වාඩි වී සිට කී‍්‍රඩා කිරීමේ ගෘහස්ත වොලිබෝල් ශූරතාව සහ අනුශූරතාව ජයග‍්‍රහණය කළ දැනට ජාතික සංචිතය නියෝජනය කරන කී‍්‍රඩිකාවන්ගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි කෙරේ.
පිරිමි කණ්ඩායම
ජයවීර කුමාරතුංග (නායක), උදය කුමාර, ඞී. එස්. ද සොයිසා, ඞී. එම්. කුලසූරිය, ආර්. එස්. රාජකරුණා, අයි. එම්. දිසානායක, එන්. එස්. නිශාන්ත, අතුල කුමාර, ඩබ්. ජේ. ප‍්‍රනාන්දු, පී. එම්. චන්ද්‍රසිරි, එච්. එම්. බණ්ඩාර, එච්. එම්. ආර්. හේරත්, එච්. එම්. එම්. හේරත්
කාන්තා කණ්ඩායම
කාංචනා ප‍්‍රදීපා (නායිකා), තිසාරා ජයසිංහ, ඩබ්. එම්. චන්ද්‍රතිලක, එස්. ඒ. නිල්මිණි, නේරංජලා රණසිංහ, එස්. ඩබ්. ලෙව්ලේ, ආර්. ජී. කාන්ති, නිලූකා දමයන්ති, රංජනී පුෂ්පකුමාරි, කේ. ඒ. චනිද්‍රිකා, පී. මලර්විලී, ඒ. ඇනිටා, ශි‍්‍රයානි දිසානායක
නිලධාරී මණ්ඩලය
කරුණාරත්න වික‍්‍රමසිංහ මහතා (කළමණාකරු සහ ප‍්‍රධාන පුහුණුකරු), සුමිත් පි‍්‍රයන්ත මහතා (පුහුණුකරු), ජී. ආර්, කි‍්‍රෂානියා මිය (කාන්තා සහය පුහුණුකාරිනී), රේණුකා ජයසූරිය මිය (කාන්තා කළමණාකාරිනී සහ සහය පුහුණුකාරිනී)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.