Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball කී‍්‍රඩා සම්මේලන 17 ක් ඇමතිට සහය පළකරති

කී‍්‍රඩා සම්මේලන 17 ක් ඇමතිට සහය පළකරති

ශනුක අරවින්ද - 2013 නොවැ මස 19 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභාවේ අනුමැතියකින් තොරව එහි සභාපතිවරයා විසින් ක‍්‍රීඩා පනතේ විධිවිධාන පිළිබඳව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට යැවූ ලිපිය පිළිබඳව කී‍්‍රඩා සම්මේලන ප‍්‍රධානීන් තම විරෝධය පළ කර ඇතැයි කී‍්‍රඩා අමාත්‍යංශය නිවේදනය කරයි.

කී‍්‍රඩා අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් හර්ෂ අබේකෝන් මහතා විසින් නිකුත් කරන ලද මෙම නිවේදනයට අනුව ක‍්‍රීඩා අමාත්‍යංශයෙන් තම සංගම්වලට කිසිදු බලපෑමක් සිදුවී නැති බව ජාතික සංගම් 17 ක සභාපතිවරු ප‍්‍රකාශ කරති.

ක‍්‍රීඩා අමාත්‍යංශය විසින් අද (19 වැනිදා) පස්වරුවේදී නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මෙසේ සඳහන් වේ.

”ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා විසින් එහි විධායක කමිටුවේ අනුමැතියකින් තොරව 1973 අංක 25 දරණ ක‍්‍රීඩා පනතේ විධිවිධාන වලින් ජාතික ඔලිම්පික් කමිටුවේ ස්වාධීනත්වයට යම් බලපෑමක් සිදුවී ඇති බවට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට දන්වා යවන ලද ලිපිය සම්බන්ධයෙන් ජාතික ඔලිම්පික් කමිටුවට අයත් ක‍්‍රීඩා සංගම් 24ක සභාපතිවරුන් සිය විරෝධය පළ කරන බවත් ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා රටේ ක‍්‍රීඩාවට එරෙහිව සිදු කර ඇති එම ක‍්‍රියාව තරයේ හෙලා දකින බවත් ක‍්‍රීඩා අමාත්‍යංශ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා විසින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට යවන ලද ලිපිය සම්බන්ධව සාකච්ඡ කිරිම සඳහා ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් ජාතික ඔලිම්පික් කමිටුවට අයත්වන ක‍්‍රීඩා සංගම් 24 ක ප‍්‍රධානීන් ක‍්‍රීඩා අමාත්‍යංශයට අද (19) පස්වරුවේ කැඳවා විශේෂ සාකච්ඡුාවක් පැවැත්වීය.

ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා විසින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට යවන ලද ලිපිය සම්බන්ධව ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් මෙම සාකච්ඡුාවේදී ජාතික ක‍්‍රීඩා සංගම් ප‍්‍රධානීන් දැනුම්වත් කරන ලද අතර, අදාළ ලිපියෙහි සඳහන් කර ඇති ජාතික ඔලිම්පික් කමිටුවට හා ක‍්‍රීඩා සංගම්වලට රජයෙන් ලබාදෙන මුදල් විගණකාධිපතිවරයාගේ විගණන විමසුමකට ලක් නොකළ යුතු බව හා ක‍්‍රීඩා සංවර්ධනයේ ජාතික වගකීම පැවරී තිබෙන ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභාව නියෝජනය කිරීම යන කරුණු පිළිබඳවද මෙහිදී ක‍්‍රීඩා සංගම් ප‍්‍රධානීන් දැනුම්වත් කෙරිණි.

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා විසින් විධායක සභාවේ අනුමැතියකින් තොරව ඉහත කරුණු 02 සම්බන්ධව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට දන්වා යැවීම ජාතික ඔලිම්පික් කමිටුවේ ව්‍යවස්ථාවට පටහැණිව ක‍්‍රියාකිරීමක් බව ක‍්‍රීඩා සංගම් ප‍්‍රධානීන් පෙන්වා දී ඇති අතර, ඔහු ඒකමතිකව කළ එම ක‍්‍රියාව  සම්බන්ධයෙන් ජාතික ඔලිම්පික් කමිටු විධායක සභාවේදී කරුණු මතු කරන බවද ඔවුන් එම රැස්වීමෙදී ප‍්‍රකාශ කර තිබේ.

පාර්ලිමේන්තු පනතක් මඟින් ගෙන එන ලද වසර 40 කට වඩා පැරණි ක‍්‍රීඩා පනතේ විධිවිධාන පිළිබඳව වසර 14ක් ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ වර්තමාන සභාපතිවරයාට මීට ඉහතදී කිසිදු ගැටළුවක් හෝ දුර්වලතාවයක් පිළිබඳ ගැටළුවක් ඇති නොවූවත් පසුගිය කාලපරිච්ඡ්දයේදී ක‍්‍රීඩා අමාත්‍යංශය විසින් ජාතික ඔලිම්පික් කමිටුවේ ස්වාධීනත්වයට බලපෑම් කරන බවට දන්වා ලිපි කිහිපයක් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට යැවීම මෙරට ක‍්‍රීඩාවේ අනාගතය බරපතළ ගැටළුවකට තල්ලූ කිරීමකට ගත් උත්සහයක් බව ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා ක‍්‍රීඩා සංගම් ප‍්‍රධානීන් දැනුම්වත් කරමින් පවසා ඇතැයිද එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.

පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රොද්‍රිගෝ, ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපති ඩයන් ගෝමස්, ජල ක‍්‍රීඩා සංගමයේ ලේකම් අක්රේ අමීර්, ගොල්ෆ් සංගමයේ සභාපති ආනා පුංචිහේවා, බොක්සිං සංගමයේ සභාපති  ඕබි‍්‍ර පීරිස්, බැඞ්මින්ටන් සංගමයේ සභාපති සුරාජ් දන්දෙණිය, දුනු ශිල්ප සංගමයේ සභාපති එච්. යූ. සිල්වා, පැසිපන්දු සංගමයේ ලේකම් ප‍්‍රදීප් රත්නායක, හොකී සම්මේලනයේ සභාපති සුමිත් එදිරිසිංහ, වොලිබෝල් සම්මේලනයේ සභාපති අමාත්‍ය ඩිලාන් පෙරේරා, මේස පන්දු සංගමයේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන් මෙහිදී අදහස් දක්වමින් ප‍්‍රකාශ කළේ ”ක‍්‍රීඩා අමාත්‍යංශය මගින් තම ක‍්‍රීඩා සංගම්වල දියුණුව සඳහා ලබාදෙන පහසුකම් හා මූල්‍ය ප‍්‍රතිපාදන පිළිබඳව සිය කෘතඥතාවය පළකරන බවත් ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා පවසන ආකාරයට ක‍්‍රීඩා අමාත්‍යංශය විසින් කිසිදු දේශපාලන බලපෑමක් හෝ හිරිහැරයක් තම සංගමයට සිදුනොවුන බවත් ප‍්‍රකාශ කළේ යැයි ක‍්‍රීඩා අමාත්‍යංශය නිවේදනය කරයි.
 
කී‍්‍රඩා අමාත්‍යංශ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වූයේ ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා විසින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට යවන ලද ලිපිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සමඟ  සුහදව කටයුතු කරමින් මෙරට ක‍්‍රීඩාව දියුණු කිරිම සඳහා ක‍්‍රීඩා අමාත්‍යංශය විසින් ගෙනයන වැඩපිළිවෙල අඛණ්ඩව ඉදිරියට ගෙනයාම සඳහා තම සහයෝගය පළකරන  බවත්, ශ‍්‍රී ලංකාවේ කීර්තිනාමය හා රටේ ජාතික ක‍්‍රීඩාවන්ගේ අනාගතයට බලපෑම්වන ආකාරයෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභාවේ අනුමැතියකින් තොරව සිදුකළ මේ අත්තනෝමතික ක‍්‍රියාකලාපය පරාජය කිරීම සදහා ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාට හා  ක‍්‍රීඩා අමාත්‍යංශයට සිය සහයෝගය පළ කරමින් ඉදිරි දින 02 තුලදී  ලිඛිතව දැනුම්දීමට කටයුතු කරන බවත් සියලූ සංගම්වල අදහස වූ බවයි.
 

 


අදහස් (2)

කී‍්‍රඩා සම්මේලන 17 ක් ඇමතිට සහය පළකරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.