Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball චීන වරාය - ගුවන් තොටුපොළ කණ්ඩායම් ශූරතා දිනති

චීන වරාය - ගුවන් තොටුපොළ කණ්ඩායම් ශූරතා දිනති

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරු ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැති ගුවන් හමුදා අන්තර් ඒකක වොලිබෝල් තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට චීන වරාය විද්‍යාපීඨ කඳවුරු කණ්ඩායම සමත්විය. එහි කාන්තා ශූරතාව දිනාගත්තේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කණ්ඩායමයි.

පිරිමි අවසන් මහ තරගයේදී වන්නි කඳවුරු කණ්ඩායම පරාජය කරමින් චීන වරාය විද්‍යාපීඨ කඳවුරු කණ්ඩායම ශූරතාව දිනාගත් අතර කාන්තා අවසන් මහ තරගයේදී කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරු 26 වැනි රෙජිමේන්තු කණ්ඩායම පරාජය කරමින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කණ්ඩායම ශූරතාව දිනාගත්තේය.  

තරගාවලියේ දක්ෂතම කි‍්‍රඩකයා ලෙස චීන වරාය විද්‍යාපීඨ කඳවුරේ නායක ගුවන් භට දිසානායකද, දක්ෂතම කි‍්‍රඩිකාව ලෙස බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කණ්ඩායමේ නායක ගුවන් කාන්තා ලක්මාලිද සම්මාන දිනාගත්හ.

දිවයිනේ සියලූම ගුවන් හමුදා කඳවුරු නියොජනය කරමින් පිරිමි සහ කාන්තා වොලිබෝල් කණ්ඩායම් තරග වැදුණු මෙම තරගාවලියේ, ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශි‍්‍ර ලංකා වොලිබෝල් සංගමයේ උප ලේකම් රත්නමුදලි මහතා සහභාගී විය.

එම අවස්ථාව සඳහා ගුවන් හමුදා වොලිබෝල් සංගමයේ සභාපති එයාර් වයිෂ් මාර්ෂල් ආර්. ජේ. පතිරගේ මහතා සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කඳවුරු අණදෙන නිලධාරි ගෲප් කපිතාන් එච්. එන්. අබේසිංහ මහතා ඇතුළු නිලධාරින් මෙන්ම කි‍්‍රඩක කි‍්‍රඩිකාවෝද විශාල පිරිසක් සහභාගි වූහ.  


- 036


අදහස් (0)

චීන වරාය - ගුවන් තොටුපොළ කණ්ඩායම් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.